අක්කා - නගෝට පිහි­ටක් වෙන්න පින් | දිනමිණ

අක්කා - නගෝට පිහි­ටක් වෙන්න පින්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

හිසට සෙව­ණක් නොමැ­තිව හරි­හැටි කුසට අහ­රක් නොමැ­තිව ටක­රන් ගැසු කුඩා මඩු­වක දහ­ස­කුත් වු බාධක මැද ඉතා දුකසේ ජිව­ත්වන විය­පත් සහෝ­ද­රි­යන් දෙදෙ­නෙක් ගාල්ල ගල්ව­ඩු­ගොඩ විස්කම් පාරේ පදිං­චිව සිටිති. ඒ පොද්දන ප්‍රියං­කර රොස්ලින් (82) හා පොද්දන ප්‍රියං­කර යස්ලින්ය. (61) මොවුන් දෙදෙ­නාට කාත් කවු­රු­වත් නොමැති අතර අක්කාගේ උකුල් ඇට දෙකම බිදි­ගොස් ඇති නිසා ඇයට ඇවි­දි­මට නොහැ­කිය. අක්කාගේ සියලු ඇප උප­ස්ථාන කරනු ලබන්නේ නංගිය.

සැබ­වින්ම මේ දෙදෙනා ගත­ක­රන්නේ ඉතා දුක්ඛිත ජිවි­ත­යකි. මොවුන් පදිං­චිව සිටින්නේ ටක­රන් ගැසු කුඩා මඩු­ව­කය. තැනින් තැන ඉටි­කොළ ගසා අසු­රා­ගෙන ඇත.වහ­ල­යට සෙවිලි කළ ඇතැම් සෙවිලි තහඩු හිල්වී තිබේ. වර්ෂා දින­ව­ලදි මොවුන් පදිංචි මේ පැල්ප­තට වහ­ල­යෙන් ජලය කාන්දුවේ. කොටින්ම කිව­හොත් මේ සහෝ­ද­රි­යන් දෙදෙ­නාට තම උප­න්බිමේ බිම් කඩක අයි­ති­යක් නැත.

නැග­ණිය වන පොද්දන ප්‍රියං­කර යස්ලින් මෙසේ කීවාය.

අපේ අම්මා තාත්තා දැන් ජිව­තුන් අතර නැහැ. ඥාතින් කවු­රු­වත් නැහැ. වෙනත් සහෝ­දර සහෝ­ද­රි­යන් කවු­රු­වත් අපට නැහැ.අක්කයි මායි විත­රයි ඉන්නේ. මේ නිව­සට පදිං­චි­යට ඇවිත් දැනට අවු­රුදු 30ක් විතර වෙනවා. රුපි­යල් 500ක බදු කුලි­යට තමයි ඉන්නේ. නගර සභා­වෙන් ටක­රන් ටිකක් ලැබුණා. වහ­ලය හොද­ටම දිරලා. ඉටි­කොළ ගහ­ගෙන ඉන්නවා. අපට කියලා නිව­සක් නැහැ .මවු­පි­යන් ජිවත්ව ඉන්න කාලයේ ඉදලා බදු ගෙව­ල්වල තමයි අපි පදිං­චි­වෙලා ඉදලා තියෙන්නේ.

තාත්තා 88 අවු­රුද්දේ දි මිය­ගියා. අම්මා 89 අවු­රුද්දේ කාර් රථ­යක හැපිලා අන­තු­ර­කට ලක්වෙලා මිය­ගියා. ඊට පස්සේ අපි දෙන්නා තනි­වුණා. අක්කා නිවා­ස­වල ඉවුම් පිහි­වුම් කරන්න ගියා. දරු­වන් බලා­ගන්න ගියා . පස්සේ මාත් ගෙව­ල්වල දරු­වන් බලා­ගෙන ඉවුම් පිහුම් වැඩ කර­න්නට ගියා. එහෙම කරලා තමයි ජිව­ත්වෙන්න කියක් හරි හොයා­ගත්තේ. 2010 වර්ෂයේ දි අක්කා වැටිලා එක උකුල් ඇට­යක් කැඩුණා . රොහල් ගත­ක­රලා බෙහෙත් කළා කකු­ලට කම්බ් දැම්මා. 2013 ජන­වාරි මාසයේ දි අසල නිව­ස­කට යන්න ගිහින් එම නිවසේ ඉස්තො­ප්පුවේ වැටිලා අනික් උකුල් ඇට­යත් කැඩුනා.දැන් අක්කාට ඇවි­දින්න බැහැ. ඇයගේ සියලු ඇප උප­ස්ථාන කරන්නේ මම.ඒ නිසා මට කුලි වැඩ­ක­ට­වත් යන්න විදි­යක් නැහැ. ඇත්ත­ටම අපට වැසි­කිළි පහු­කම් නැහැ. අස­ල්වැසි අය­කුගේ වැසි­කි­ළි­ය­කට තමයි යන්නේ. බිමට වතුර නැහැ. විදු­ලිය නැහැ. කුප්පි ලාම්පු එළි­යෙන් තමයි රාත්‍රිය ගත කරන්නේ. තද සුළ­ගක් එන­විට වහ­ලයේ ටක­රන් උඩ යනවා. අපට සමා­ජ­සේවා දේපා­ර්ත­මේ­න්තු­වෙන් මාස­ය­කට රුපි­යල් 3000ක් ලැබෙ­නවා.සමෘ­ද්ධි­යෙන් රුපි­යල් 1500ක් ලැබෙ­නවා. ඇත්තම කිය­නවා නම් සම­හ­රක් දින­වල තුන් වේලා­ටම හරි­හැටි කෑමක් නැහැ. ගමේ අස­ල්වැ­සි­යන් අපට ආහා­ර­පා­න­ව­ලින් සංග්‍රහ කර­නවා. වැඩි­හිටි සමි­ති­යෙන් උදවු කර­ණවා. නමුත් හැම­දාම මේ දේවල් කරන්න බැහැ. අක්කාගේ රෝගි තත්ත්වය නිසා මට වැඩ­කට යන්න බැහැ.වැඩි­හිටි නිවා­ස­ව­ලට ගන්නේ නැහැ .අක්කාට ඇවි­දින්න බැරි නිසා . අප­ටම කියලා වැටිලා ජිව­ත්වෙන්න කුඩා නිව­සක් ලබා දෙන­වා­නම් විශාල පිංක­මක් යැයි යස්ලින් මහ­ත්මිය කිවාය.


නව අදහස දක්වන්න