සහන අය-වැයට SLFP පිරි­ස­කගේ සහාය | දිනමිණ

සහන අය-වැයට SLFP පිරි­ස­කගේ සහාය

මාර්තු මස 5 දින ඉදි­රි­පත් කිරී­මට යෝජිත ජනතා සහන අය-වැයට ශ්‍රි ලංකා නිද­හස් පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් පිරි­සක් ද සහ­යෝ­ගය ලබා­දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනා­රත්න මහතා පැව­සීය.

රාජි­ත­සේ­නා­රත්න පද­නම බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ පාසල් දරු­වන් 200කට පාසල් උප­ක­රණ බෙදා­දීම වෙනු­වෙන් පැවැති උත්ස­ව­ය­කට එක්වෙ­මින් සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව ප්‍රකාශ කළේය. බණ්ඩා­ර­ගම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ දී මේ උත්ස­වය පැවැ­ත්විණි.

එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැවැ­සු­වේය. යහ­පා­ලන රජය බල­යට පත්වී­මෙන් පසු නිවැ­රදි සෞඛ්‍ය ප්‍රති­ප­ත්ති­යක් ක්‍රියා­ත්මක වෙනවා. මම සිංග­ප්පූ­රුවේ සිංහ හෙල්ත් ව්‍යාපෘ­තිය සමඟ සාකච්ඡා කර මෙරට සෞඛ්‍ය සේව­ක­යින් පුහුණු කිරීමේ වැඩ­පි­ළි­වෙ­ලක් ආරම්භ කර තිබෙ­නවා. වෛද්‍ය­ව­රුන්ගේ සිට කළ­ම­ණා­ක­රණ සේවා නිල­ධා­රීන් දක්වා එම පුහු­ණුව ලබා­දෙ­නවා. දියුණු රටක සෞඛ්‍ය සේවා කට­යුතු සිදු කරන ආකා­රය පිළි­බ­දව එහිදී සෞඛ්‍ය සේව­ක­යින්ට අධ්‍ය­ය­නය කරන්න පුළු­වන්. පෞද්ග­ලික රෝහ­ල්වල මිල නියා­ම­නය කිරි­මට සුදා­නම් වන විට අපේ රජය ජනා­ධි­ප­ති­ව­රයා විසින් විසු­රුවා හැර ඊනියා රජ­යක් බිහි කළා. නමුත් යළි රජය ස්ථාපිත කර ඇති බැවින් පෞද්ග­ලික රෝහ­ල්වල විවිධ මිල ගණන් නියා­ම­නය කිරි­මට අපි කට­යුතු කර­නවා. ජන­තාව දිය­වැ­ඩියා රෝග­යෙන් ආරක්ෂා කිරිම සදහා පැණි­බිම සදහා බදු පනවා තිබුණා.

එම පැණි­බීම බද්ධ ඊනියා ආණ්ඩුවේ අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් අඩු කර තිබෙ­නවා. ඔවුන් තමයි දේශ­ද්‍රෝ­හීන් වන්නේ. දරු­වන් පාවා දෙමින් සාක්කු­වට මුදල් දමා­ගන්න හද­නවා. නමුත් අඩු කළ බදු මුදල යළි වැඩි කිරී­මට අපි පිය­වර ගන්නවා. මේ පිළි­බඳ මුදල් අමා­ත්‍ය­ව­රයා සමඟ මම සාකච්ඡා කර කඩි­න­මින් ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර­නවා. වැරදි ආහාර රටා­වෙන් දරු­වන් බේරා­ගත යුතුයි. රුපි­යල් සත වලින් නොව මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනී­මට අපි කට­යුතු කළ යුතුයි. බහු­ජා­තික සමා­ගම් වල අයි­තිය වෙනු­වෙන් නොව ජන­තා­වගේ අයි­තිය වෙනු­වෙන් අපි කට­යුතු කළ යුතුයි.

මෙම අව­ස්ථා­වට සෞඛ්‍ය අමා­ත්‍ය­තු­මාගේ පෞද්ග­ලික ලේකම් විශේ­ෂඥ වෛද්‍ය සුජාතා සේනා­රත්න මහ­ත්මිය ඇතුළු විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

 

නව අදහස දක්වන්න