රෙදි­පිළි ආධාර එකතු කරන බඳු­න­කට හසුවී කතක් මරුට | දිනමිණ

රෙදි­පිළි ආධාර එකතු කරන බඳු­න­කට හසුවී කතක් මරුට

රෙදි­පිළි ආධාර එකතු කරනු ලබන බඳු­න­කට හසු වීමෙන් කාන්තා­වක් මිය ගොස් ඇති බව කැන­ඩාවේ ටොරොන්ටෝ නග­ර­යෙන් වාර්තා වේ. මෙය අන­තු­රක් බවට එරට පොලී­සිය කරුණු දක්වා සිටියි. කෙසේ වුවත් එවන් ආධාර බඳුන් තබා ඇති පුණ්‍යා­ය­තන ඔවුන්ගේ ආධාර පෙට්ටි වහාම ඉවත් කිරී­මට නියෝග කර තිබේ. ‍සොරකම් කිරීම වැළැ­ක්වීම සඳහා මේ බඳු­න්වල දැති සවි කර ඇති අතර ඊට පහ­සු­වෙන්ම මිනි­සුන් හසු වේ. 2015 සිටම මෙවන් මරණ සිදු වන එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වුවත් අාධාර බඳුන් සඳහා ආර­ක්ෂිත ක්‍රම­යක් නිර්මා­ණය කළ යුතු බවත් එසේ නොව­න්නට මේ බඳුන් "මිනිස් උගුල්" බවට පත්වන බවත් මාධ්‍ය පෙන්වා දෙයි.

 

නව අදහස දක්වන්න