අනුරාධපුර කලා විෂය ධාරාවෙන් පළමු තැන තඹුත්තේගම කාවින්ද්‍යාට | දිනමිණ

අනුරාධපුර කලා විෂය ධාරාවෙන් පළමු තැන තඹුත්තේගම කාවින්ද්‍යාට

2018 වර්ෂයේ පැවැත්වූ අපොස උසස්පෙළ විභාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. එම්. කාවින්ද්‍යා ඉන්දීවරි වික්‍රමආරච්චි ශිෂ්‍යාව සමත්වී ඇත.

තඹුත්තේගම ගම්මාන 7 පදිංචි මේ සිසුවිය තඹුත්තේගම ප්‍රාථමික විදුහලින් මූලික අධ්‍යපනය ලබා ද්විතික අධ්‍යපනය තඹුත්තේගම මධ්‍යම මහා විදුලින් හදාරා තිබේ. ඩබ්ලිව්. එම්. සමන් වික්‍රමාරච්චි වන ඇගේ පියා වෘත්තියෙන් ඉංග්‍රිසි ගුරුවරයෙකි සහ ඩී. ඒ. රංජනී වීරසිංහ ඇගේ මව වන අතර ඇය කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

කාවින්ද්‍යා සිසුවිය මෙසේ පැවැසුවා ය.

පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්ටත්, තමන්ගේ සෙවනැල්ල වගේ ඉන්න මවුපියන්ටත් සදා ණය ගැතියි. නීති පීඨයට ඇතුළුවී විනිසුරුවරියක් වෙලා රටට දැයට සේවය කිරිමට මගේ එකම බලාපොරොත්තුවයි.

තලාව සමූහ
සමන්ත ධර්මකීර්ති

නව අදහස දක්වන්න