දුම්වැටියට විරෝධය පා මිහින්තලේ උපගුරුවරයෙක් රට වටේ යයි | දිනමිණ

දුම්වැටියට විරෝධය පා මිහින්තලේ උපගුරුවරයෙක් රට වටේ යයි

දුම්වැටි විරෝධී පාසල් සතිය වෙනුවෙන් දුම්වැටිය හා දුම්පානය පාසල්වලින් තුරන් කිරීමේ ජාතික වැඩසටහන සහාය දක්වමින් මිහින්තලේ ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක උපගුරුවරයකු පාපැදිය නැගී ශ්‍රී ලංකාව පුරා පිහිටි ගම්දනව් සිසාරා ගොස් එම වැඩසටහන සහාය දැක්වීමට සූදනම් වෙමින් සිටියි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන මිහින්තලය ඉහළගම පිහිටි නෑටියගම විද්‍යාලයේ උපගුරුවරයකු වන ටී. ඒ. එම්. බී. තිලකරත්න මහතා රේසීන් වර්ගයේ පාපැදියක් පදවමින් ශ්‍රී ලංකාව පුරා පාපැදියේ ගමන් කරමින් පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමට අදහස් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව මේ වසරේ දුම්වැටි විරෝධී පාසල් සතිය ක්‍රියාත්මකවීමට නියමිත අතර ඊට අවැසි සහාය ලබාදීමට ඒ මහතා ස්වේඡාවෙන් දායකත්වය දැක්වීමට සුදානම්වී සිටි.

අනුරාධපුර මධ්‍යම විශේෂ

නව අදහස දක්වන්න