පයින්ඩිකුලම මහ වැව පන් ගාලකින් වැසී ගිහින් | දිනමිණ

පයින්ඩිකුලම මහ වැව පන් ගාලකින් වැසී ගිහින්

අක්කර හත්සිය විස්සක පමණ විශාලත්වයකින් යුතු තලාව, පයින්ඩිකුලම මහ වැවේ අඩකටත් වැඩි ප්‍රමාණයක් කම්බු පන් ගාලකින් වැසීයෑම හේතුවෙන් තම ජීවනෝපාය අනතුරට වැටී ඇති බව එහි ධීවරයෝ පවසති.

ක්‍රමයෙන් මුළු වැවම පන් වලින් වැසී ගොඩවීමේ අවදානමට ලක්ව ඇති බව ඔවුහු හෙලි කළෝ ය. එලනු ලබන දැල් පන් ගාල්වල පැටලීම මගින් දැල් විනාශ වන බව ධීවරයෝ කීහ. පන් ගාල්වල සැඟවීම හේතුවෙන් මසුන් අල්ලා ගැනීමද ගැටලු සහගත වී ඇත. වසර ගණනාවක් තිස්සේ කිසිවකුගේ හෝ

උපකාරයක් නොමැතිව ධීවර රස්සාවේ නිරත වූ ධීවරයන් විසි දෙනෙක් පමණ මේ හේතුවෙන් අසරණව සිටිති.

දුමින්ද කැලුම් කුමාර මහතා -

මේ පන් ගාල සමහර තැන්වලදී කුට්ටි වලට කැඩිලා පාවෙනවා. සවසට එලන දැල් උදේ වෙනකොට පාවෙන පන් ගාල්වල පැටලිලා නාස්ති වෙනවා. දැන් රුපියල් හැත්තෑපන්දහකට වැඩිය දැල් විනාශ වුණා මේ හින්දා. ඒ කාලේ මෙහෙම ප්‍රශ්නයක් තිබ්බේ. මං දරුවෝ ජීවත් කරන්නේ මේ රස්සාවෙන්. වැවට මාලු පැටව් දාපු කාලයක් නෑ. ඉන්න මාලු ටිකත් පන් ගොලු අස්සේ හැංගෙනවා.

සමන් දේශප්‍රිය මහතා -

මේ පැත්තටම මේ වැව සම්පතක්. මේක ලොකු වැවක් හින්දා හොඳට මාළු පැටවුන් බෝ කරන්න පුලුවන්. ඒකෙන් ධීවර රස්සාව කරන කීපදෙනකුට හරි ජීවත් වෙන්න අවස්ථාව හැදෙනවා. දැන් ඒ කිසිදෙයක් නෑ. නිකංම වැව කැලේට යටවෙලා පන් පිරිලා ගොඩවෙනවා. ඇත්තටම මේ වැව ඇති ගමටම

ජීවත් වෙන්ඩ. මාලු ටික, කරවල ටික ඔක්කොම මේ වැවෙන් ලැබුණා. ඒත් පන් ගාලෙන් වැව වැහුනට පස්සේ අපිට ජීවත් විදිහක් නැතිව යනවා.

තඹුත්තේගම විශේෂ
ඩබ්ලිව්. ප්‍රදීප්

නව අදහස දක්වන්න