වාහන තදබදය මඬින්න මාර්ගය පුළුල් කරයි | දිනමිණ

වාහන තදබදය මඬින්න මාර්ගය පුළුල් කරයි

දිගු කලක පටන් ගම්පහ - කොළඹ ප්‍රධාන මාර්ගයේ පවතින වාහන තදබදය අවම කිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් රෝහල් හන්දියේ සිට සණස නව රෝහල් සංකීර්ණය දක්වා මාර්ගය පුළුල් කිරීමේ කටයුතු කෝටි 10 ක මුදලින් ආරම්භ කර ඇත. විශේෂයෙන් ගම්පහ ‍- කොළඹ මාර්ගයේ රෝහල් හන්දියේ සිට මිරිස්වත්ත දක්වාම පාසල් ආරම්භ කරන කාලය වන පෙරවරු 7.00 සිට 7.45 පමණ වනතුරුත් දහවල් පාසල් ඇරෙන කාලය තුළත් විශාල වාහන තදබදයක් පවතී. මෙම මාර්ගය පුළුල් කිරීමත් සමඟ මේ වාහන තදබදය බොහෝදුරට අඩුවිය හැකි යයි විශ්වාස කෙරේ.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න