කොක්කකට පැටළී... | දිනමිණ

කොක්කකට පැටළී...

වසර සියයකට අධික කාලයක් වැඩිම ආයුෂ ඇති මුහුදේ පත්ලේ ජීවත් වන කැස්බෑවුන් බිත්තර දැමිම සඳහා වසරේ එක් කාලයකට වෙරළේ ගොඩබිමට පැමිණෙන අතර එහිදී විවිධ මානව ක්‍රියා හේතුවෙන් එම කැස්බෑවුන් මෙන්ම කැස්බෑ බිත්තරවලටද හානි වන්නේය .

ආරක්ෂිත සත්වයෙක් ලෙස සැලකෙන කැස්බෑවුන් විවිධ වර්ග යටතේ මුහුදේ ජීවත් වෙන අතර මෙසේ ගොඩබිමට පැමිණෙන අතර තුර ද ධිවර බෝට්ටු මගින් එලන ලද දැල්වල පැටලීමෙන් මෙන්ම බිලි කොකු නිසාද මෙම සත්වයින් ගේ ජිවිත තර්ජනයට ලක්වීම පෙන්වා දිය හැකිය

මේ ආකාරයෙන් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තම කටුවට හානිවී සිටියදි හුංගම කලමැටිය ප්‍රදේශයෙන් හමුවූ කැස්බෑවෙකු හට ශල්‍ය කර්මයක් සිදුකර යළි එම කටුව සැකසීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත උඩවලව ඇත් අතුරු සෙවනේ වනජීවී පංශු වෛද්‍ය මාලක අබේවර්ධන මහතා ප්‍රමුක එම කාර්ය්‍ය මණ්ඩලය එක්ව සිදුකරන ලදී.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ

නව අදහස දක්වන්න