වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට සිට | දිනමිණ

වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය හෙට සිට

ගීෂා මුණසිංහ
ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ හා හා හුන්ඩායි ලංකා පුද්ගලික සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂක එච්. ඒ. රොයිටර් මහතා විසින් වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ මහතා වෙත අනුග්‍රාහකත්වය පිරිනමමින්.

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය වාර්ෂිකව සංවිධාන කරන වෙළෙඳ සේවා ‘සී’ කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (12) ආරම්භ වෙයි.

කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 10ක් තරගාවලියට එක් වෙයි. තරගාවලිය දෙයාකාරයකින් සමන්විත වන අතර ලීග් හා පිළිමළුලුන් පිටුදැකීම ලෙස ලබන මස 24 වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙවර තරගාවලිය සඳහා අටවැනි වරටත් ‘බී.එම්.ඩබ්ලිව්. - හුන්ඩායි’ කුසලානය වෙනුවෙන් ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් අනුග්‍රාහකත්වය පිරිනමා ඇත.

පළමු කාණ්ඩය (A) යටතේ නෙෂන්ට්‍රස් බැංකු ‘බී’, ජේ.එල්. මොරිසන්, ස්ටැන්ඩඩ් චාටර්ඩ්ම, කොමාර්ෂල් බැංකු ‘බී’ සහ ඒෂියා ඇසට් මුල්‍ය සමාගම් කණ්ඩායම තරග වදින අතර යටතේ පීපල්ස් ලීසිං, පිරමීඩ් විල්මා, එච්.එන්.බී. මුල්‍ය සමාගම, කොමර්ෂල් ලීසිං සහ පෑන්ඒෂීයා බැංකුව දෙවැනි කාණ්ඩයෙන් (B) තරග බිමට පිවිසෙයි.

තර්ස්ටන්, මොරටුව ද සොයිසා, බී.ආර්.සී., මග්ගොන සරේ සහ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී තරග පැවැත්වෙන අතර පිළිමළුන් පිටුදැකීමේ තරග මාර්තු 2 වැනිදා සිට ආරම්භවන අතර අවසන් තරගය මාර්තු 16 වැනිදා වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශූරතා කුසලානවලට අමතර දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා හා අවසන් තරගයේ තුන් ඉරියව් ක්‍රීඩකයාටද කුසලාන පිරිනැමීමට නියමිතය.

පසුගිය වසරේදී සිටිසන් ඩිවලප්මන් සමාගම පරදවා කැන්රිචි මූල්‍ය සමාගම මේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා වෙළෙඳ සේවා ක්‍රිකට් සංගයේදී පැවැති අතර එම අවස්ථාවට ප්‍රෙස්ටීජ් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගමේ හා හුන්ඩායි ලංකා පුද්ගලික සමාගමේ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂක එච්. ඒ. රොයිටර්, හුන්ඩායි ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වියෝලා කරුණාරත්න, වෙ‍ළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රෝහාන් ඉද්දමල්ගොඩ, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ ‍ප්‍රධාන ලෙක්ම් මහේෂ් ඩී. සිල්වා, අනුග්‍රාහක කමිටු සභාපති රෝහාන් සොමවංශ හා තරගා කමිටු සභාපති සුජීව ඩී. සිල්වා එක්ව සිටියහ.

නව අදහස දක්වන්න