‘රිය­ස­ක්වල’ වෙතින් ත්‍රිරෝද රථ­ව­ලට වාසි රැසක් | දිනමිණ

‘රිය­ස­ක්වල’ වෙතින් ත්‍රිරෝද රථ­ව­ලට වාසි රැසක්

ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් මෙන්ම අනෙකුත් රථ වාහන සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම නාමය වන ‘රියසක්වල’ වෙතින් මෙරට පාරිභෝගියන්ට තවත් සුවිශේෂී වූ පහසුකමක් හඳුන්වාදෙන්නට පසුගියදා සමත් විය. මේ වන විට මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස ජනාදරයට පාත්‍ර වී ඇති ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම පසුගියදා රියසක්වල සමඟ ගිවිසුම්ගත වූයේ පාවිච්චි කරන ලද ත්‍රී රෝද රථ විකිණීමේදී හෝ ලියාපදිංචි කළ ත්‍රී රෝද රථයක් රියසක්වලෙන් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට සුව්ශේෂීවූ වාසි රැසක් ගෙන දීම සඳහාය.

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ්හි විධායක අධ්‍යක්ෂ ශානක ජයවීර සහ ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ වැඩ බලන ප්‍රධාන විධායක නිළධාරී ජූඩ් ඇන්තනී යන මහත්වරුන් අදාළ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. ඬේවිඞ් පීරිස් ඔටෝමොබයිල්ස්(ප්‍රයිවට්) ලිමිටඩ්හි සාමාන්‍යාධිකාරී (වාහන විකුණුම්) නලින්ද කුරුකුලසූරිය, කළමනාකරු (වාහන විකුණුම්) ඉඳුනිල් වීරසිංහ, විධායක (වාහන විකුණුම්) බුද්ධික හේමචන්ද්‍ර, විධායක (වාහන විකුණුම්) සංඛ බුලුමුල්ල, සහකාර විධායක (මූල්‍ය හා ගිණුම්) දමිත් රණසිංහ, අලෙවි නිළධාරී දිල්ෂාන් පීරිස්, ඔරියන්ට් ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලන්ත ජයනෙත්ති, කළමනාකරු (ක්ෂුද්‍ර විකුණුම්) රවීන්ද්‍ර රණසිංහ, ප්‍රාදේශීය කළමනාකරු (මෙට්රෝ කලාපය) දිලීප රාජපක්ෂ සහ කළමනාකරු (පානදුර ශාඛාව) ප්‍රසන්න ප්‍රනාන්දු යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

නව අදහස දක්වන්න