නුව­ර­එ­ළි­යට පැයෙන්... දිය උල්පත Tea Gardan | දිනමිණ

නුව­ර­එ­ළි­යට පැයෙන්... දිය උල්පත Tea Gardan

විඩාබර වසර අවසන එක් දවසක විවේකයක් යනු ගතට මෙන්ම සිතට මහත් අස්වැසිල්ලකි. කොළඹට නුදුරින් පහසුවෙන් එවැනි ස්ථානයකට ළඟාවීමට හැකිනම්? එයම ආශිර්වාදයකි. පවුලේ සැවොම සමඟ Day Outing එකකට යන්න හොඳම තැනක් පිළිබඳව අවිවේකී මා වගේම ඔබත් විමසිලිමක් වෙනවා ඇති. එසේනම් 2019 වෙනුවෙන් අප අරඹන ‘යන එන මඟ’ විශේෂාංගයෙන් හඳුන්වා දෙන්නේ දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවෙන් පිටතට මතුගම දෙසට යනවිට හමුවන සොඳුරුතම නවාතැනක් පිළිබඳවය.

ලත්පඳුර පසුකර මදදුරක් ගියවිට මෝල්කාවට පිවිසෙනවා. එතැන් සිට අප විස්තර කරන ‘දියඋල්පත Tea Garden වෙත සමීපවීමට සොඳුරුතම තෙත්බිම් වනාන්තර පසුකර පැමිණිය යුතුයි. මේ ප්‍රදේශයේ උෂ්ණත්වය, පරිසරයේ ස්වභාවය, ගස් වැල්, මල් මේ සියල්ල බොහෝදුරට නුවරඑළියේ සුන්දරත්වය පසක් කිරීම විශේෂත්වයක්.

වැලිපැන්න පිවිසුමෙන් පිටවී විනාඩි 10කට අඩු කාලයකින් මෙම දියඋල්පත Tea Garden වෙත සමීපවිය හැකිය.

පවුලේ සැවොම සමඟ දිනයක් හෝ දින කිහිපයක් මෙහි විවේකයක් ගත කිරීමට තරම් හේතු ඒ අවට පරිසරයේ පිරී ඉතිරීව ඇති විශේෂත්වයයි. මාකෙළිඇල්ල පිහිටා තිබෙන්නේ මෙය ආසන්නයේමය. කඩදොල ඇල්ල, දූවිලි ඇල්ල නරඹන කෙනෙකුටත්, සිංහරාජ වනාන්තරයට සමීපයේ පිහිටි දිය උල්පත Tea Garden වෙත පැමිණෙන කෙනෙකුට එහි සිට කල්වාරිය කන්ද පුදබිම නැරඹීමට වුව පහසුවෙන් ළඟාවිය හැකියි.

පරිසරයේ ඇති සොඳුරුතම භූමි දර්ශන, මෙන්ම ගතට සිසිලක් දෙන දේශගුණය සහ නොයෙක් කුරුළු කොබෙයියන්ගේ ගීතරාවයත් දිය දහරාවන්ගේ සංගීතයටත් සවන් දෙමින් විරාමයක් ගත කිරීමට පැමිණෙන බවට එහිදී සුහදව සත්කාර කිරීමට දිය උල්පත Tea Garden නිර්මාණය නෙරංජන් මනතුංග මහතා මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයක් කැපවී සිටී.

බුද්ධිකා බ්‍රහ්මණගේ

නව අදහස දක්වන්න