මාල සොරා බඩුත් සමඟ ලඳු කැලෑවේ | දිනමිණ

මාල සොරා බඩුත් සමඟ ලඳු කැලෑවේ

හැටන් සමුහ - චන්දන ජයවීර සහ මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

හැටන් උසාවිය මාර්ගයෙන් තම නිවෙස වෙත ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන පැන යෑමට තැත්කළ පුද්ගලයෙක් ප්‍රදේශවාසින් විසින් අල්ලාගෙන හැටන් පොලිසිය වෙත බාර දීමට පියවර ගෙන තිබේ. නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ කළමනාකාර සහායක තනතුරේ සේවය කරන කානාවක් රාජකාරිය නිමකොට 08 වන දා සවස 5.30 ට පමණ සිය නිවෙස වෙත හුදකලාව යමින් සිටින අවස්ථාවේ පුද්ගලයකු විසින් සිය කරේ පැළදගෙන සිටි රන් මාලය කඩාගෙන ගිය බවට කෑ ගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් කිපදෙනෙක් එම ස්ථානයට රොක්වී තිබේ.

පසුව දිගින් දිගටම එම ප්‍රදේශය පරික්ෂාකළත් එම පුද්ගලයා සොයාගැනීමට නොහැකි වී ඇති අතර තරුණයන් දෙදෙනෙක් විසින් අසල ළඳු කැලෑවක් පරීක්ෂා කිරීමෙදී එහි සැඟව සිටි පුද්ගලයකු මහත් පරිශ්‍රමයක් දරා අල්ලාගෙන පොලිසිය වෙත බාර දී ඇත.

පසුව පොලිසිය කළ පරීක්ෂා කිරීමේදී සැකකරු සතුව තිබී පැහැරගත් බවට හඳුනාගත් රන් මාලය සොයාගෙන තිබේ.

සැකකරු කොටගල පතන ප්‍රදේශයේ ස්ථිර පදිංචි කරුවකු බවත් කොළඹ ප්‍රදේශයේ නැවති තැරැව් කරුවකු ලෙස සේවය කරන බවත් පරීක්ෂණ වලදි අනාවරණය වී තිබේ.ඔහු 09 දා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගින්නා බව පොලිසිය පැවසීය.

රන්මාලයේ හිමිකරු ලෙස පැවසෙන කාන්තාවගේ බෙල්ල ප්‍රදේශයේ සීරිම් තුවාල සිදුවී තිබේ.

හැටන් පොලිසිය ඉදිරි පරික්ෂණ පවත්වයි.

 

නව අදහස දක්වන්න