කන්ටේනරය පාර හරහා දොයි | දිනමිණ

කන්ටේනරය පාර හරහා දොයි

හැටන් සමුහ - චන්දන ජයවීර

ගින්ගත්හේන පොලිස් වසමට අයත් කලුගල - ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ කලුගල ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළීම නිසා එම මාර්ගවල ගමන් ගන්නා රථ වාහන වල රියදුරන්.පාසල් සිසුන්.කාර්යාල සේවකයන් හා ජනතාව ඊයේ (09) උදෑසන දැඩි දුෂ්කරතාවකට පත්වුහ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට පොල්පිටිය විදුලිය බලාගාරය ඉදිකරන ස්ථානයට භාණ්ඩ තොගයක් රැගෙන එමින් තිබු බහාලුම් යන්ත්‍රයකි.

ඊයේ අලුයම 2.30 ට පමණ අනතුර සිදුවී ඇති අතර බෑවුම් සහ වංගු සහිත මාර්ගය හරහා පෙරළීමෙන් කොත්තැල්ලෙන.හගරාපිටිය.පොල්පිටිය හා ලක්ෂපාන සිට ගිනිගත්හේන හරහා මහනුවර.කොළඹ ආදි ප්‍රදේශ හා ප්‍රදේශයේ පාසල් හා කාර්යාල සඳහා පැමිණෙන සේවකයන් ඇතුළු පිරිස දැඩි දුෂ්කර තාවකට පත්ව තිබුණි.

ගිනිගත්හේන පොලිසිය හා පිරිස එක්ව මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා ලදී.

 

නව අදහස දක්වන්න