ගොවි දුක මහපාරේ ... | දිනමිණ

ගොවි දුක මහපාරේ ...

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන බොහෝ ගොවීන්ට ගිමන් හැරීමට හෝ එළවළු සකසා ගැනීමට ස්ථානයක් නොමැති නිසා ඔවුහු දැඩි දුෂ්කරතාවකට කලක සිටම පත්ව සිටිති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රාබු රැගෙන ආ ගොවියකු වූ තම රාබු තොග අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ අසල පදික වේදිකාවේ තබාගෙන නිදා සිටි අයුරුයි මේ.

මේ දිනවල රාබු කිලෝවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වන වන්නේ රුපියල් හයේ සිට රුපියල් 16 දක්වා වූ මිලකට බව ව්‍යාපාරිකයෝ පවසති. කෙසේවෙතත් එළවළු මිල විශාල වශයෙන් පහළ වැටීමත් සමඟ එළවළු ගොවීන්ට මේ දිනවල දැඩි දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින බව ඔවුහු පවසති.

ඡායා-සීගිරිය විශේෂ


නව අදහස දක්වන්න