ක්‍රිකට් වංචා හෙළිකිරීමට ICCයෙන් සහන කාලයක් | දිනමිණ

ක්‍රිකට් වංචා හෙළිකිරීමට ICCයෙන් සහන කාලයක්

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දුෂණ, වංචා පිළිබඳව තොරතුරු ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ජනවාරි මස 16 වැනිදා සිට 31 දක්වා දින 15ක සහන කාලයක් ලබා දී තිබේ.
 
ICC ය මෙවැනි සහන කාලයක් ලබා දුන් පළමු අවස්ථාව මෙයවන අතර ශ්‍රී ලංකාවට විශේෂිත වූ හේතු නිසා මේ අවස්ථාව දුන් බව එහි සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා පවසයි.
 
මෙම සහන කාලය තුළ වංචා දූෂණ පිළිබඳ වාර්තා කිරීමට අපොහොසත් වූ ක්‍රීඩකයන්ට නැවත අවස්ථාව සැලසෙන අතර වංචාවක් පිළිබඳ දැනුම් දීමක් කිරීමෙන් කිසිදු ප්‍රතිවිපාකයක් විඳින්නට සිදු නොවනු ඇති බව ICCය සදහන් කළේය.
 
සාමාන්‍ය තත්තවය යටතේ කිසියම් ක්‍රීඩකයෙන් යම් වංචාවක් පිළිබඳ දැනුම් දීමට අපොහොසත් වූවොත් එම ක්‍රීඩකයා තහනමට ලක්වේ. නමුත් මෙම සහන කාලය නිසා එසේ සිදු නොවනු ඇත.
 
පසුගිය දා සනත් ජයසූරිය ඇතුළ හිටපු ක්‍රීඩයකයන් තුන්දෙනෙක් හට ICC ය මගින් දූෂණ චෝදනා ගොනු කොට තිබේ. ඒ අතර නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයන් ඇතුලත් වේ.
 
අදාළ කාලය තුළ එම කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ඇති. එම කාර්යාලයට ක්‍රම තුනක් හරහා පැය 24 පුරාම තොරතුරු ඉදිරිපත් කළ හැක.
 
ඇපල් හෝ අන්ඩ්‍රොයිඩ් ඇප් - ICC Intergrity App 
දුරකතන අංක - +971 565 45 89 09
විද්‍යුත් තැපෑල - [email protected]

නව අදහස දක්වන්න