දේශසීමා තාප්පය සෑදීමට සහාය දෙන්න | දිනමිණ

දේශසීමා තාප්පය සෑදීමට සහාය දෙන්න

අමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය ඉදිකිරීම සදහා සහාය දෙන්නැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතමින් ඉල්ලා සිටියි.
 
මෙම තාප්පය ඉදිකිරීම අමෙරිකා ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් වන අතර ඉදිකිරීම් සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම මෙන්ම එහිදී මතුව ඇති ගැටළු විසදීමට ජනතා සහාය අවශ්‍ය බව ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 
 
ව්‍යාපෘතිය සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 5.7 ක මුදලක් අවශ්‍ය වේ. මෙම ව්‍යාපෘතියත් සමග ඇමෙරිකාවේ රාජ්‍ය අංශයට සම්බන්ධ සේවකයන් ලක්ෂ 08 කට ආසන්න පිරිසකට වැටුප් ගෙවීමද අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ‍විය. 
 
කෙසේ වුවද ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර  සිටියේ කුමන බාධක පැමිණියද දේශසීමා තාප්පය නිසැකයෙන්ම ඉදිකරන බවයි.

නව අදහස දක්වන්න