ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ විද්වතුන් | දිනමිණ

ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලැබූ විද්වතුන්

චීන විද්වත්හූ දෙදෙනෙක් විද්‍යා හා තාක්ෂණ නව සොයාගැනීම් වෙනුවෙන් චීනයේ ඉහළම විද්‍යා සම්මානයෙන් පිදුම් ලබති.
 
එම සම්මානය චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ලියු යොං ටැන් සහ චියෙන් චි හු යන විද්වතුන් දෙදෙනා වෙත පිරිණමනු ලැබීය. 
 
හර්බින් කාර්මික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියු යොං ටැන්  චීනයේ ප්‍රකට රේඩාර් සංඥා හා තාක්ෂණ විශේෂඥවරයෙකු මෙන් ම චීනයේ නව පද්ධතිමය රේඩාර් සිද්ධාන්තයේ නිර්මාතෘවරයා ද වේ. 
 
චීන මහජන විමුක්ති හමුදාවේ ඉංජිනේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චියෙන් චි හු  චීනයේ නවීණ ආරක්ෂක ඉංජිනේරු විද්‍යාවේ හා සිද්ධාන්තයේ නිර්මාතෘවරයා වශයෙන් සැලකේ. 
 
විද්‍යාඥයන්, ඉංජිනේරුවරුන් සහ පර්යේෂණ ජයග්‍රහන ලැබූවන් වෙත සම්මාන පිරිනැමීම වෙනුවෙන් බෙයිජිං නුවර පැවැති උත්සවයේදී මෙම සම්මානය පිරිනැමිණ. එම අවස්ථාවට සෙසු නායකයන් වන ලී කච්‍යන්, වං හුවේ නිං ,හැන් චෙං මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සියළු සාමාජිකයෝ සහභාගී වූහ.
 
එම උත්සවයේදී ව්‍යාපෘති 278ක් සම්මානයට පාත්‍ර විය. ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ සම්මානය විදේශ විශේෂඥයන් 5 දෙනෙකු වෙත පිරිනැමිණ.
 
 

නව අදහස දක්වන්න