තේරීම් කාරක සභා 05ක සාමාජිකයින් නම් කෙරේ | දිනමිණ

තේරීම් කාරක සභා 05ක සාමාජිකයින් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභා 05 ක් සඳහා සාමාජිකයින් නම් කර තිබේ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, කතානායකවරයාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් අදාළ කාරක සභා සඳහා සාමාජිකයින් නම් කිරීම සිදුකළ බවයි.

ඒ අනුව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ කටයුතු පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, ගිණුම් කාරක සභාව සහ මුදල් පිළිබඳ කාරක සභාව සඳහායි මෙලෙස සාමාජිකයින් පත්කර ඇත්තේ.

එමෙන්ම, අද පස්වරු 04.00 ට කතානායක කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වෙනු ඇති.

නව අදහස දක්වන්න