තේරීම් කාරක සභාවට අතිරේක මන්ත්‍රීවරු 05ක් | දිනමිණ

තේරීම් කාරක සභාවට අතිරේක මන්ත්‍රීවරු 05ක්

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අනුමත සාමාජික මන්ත්‍රීවරුන්ට අතිරේකව, තවත් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු පත් කෙරේ.
 
ඒ අනුව ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල සහ ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් මෙලෙස පත් කර ඇත. 
 
මේ අතර ශාන්ත බණ්ඩාර මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ අද (08) දිවුරුම් දීම සිදු විය.
 
එසේම නව විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා, පිළිගන්නා බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වන බව නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දීමක් ද කරනු ලැබීය.

නව අදහස දක්වන්න