උතුරේ හානි වූ වගා බිම් තක්සේරුව අද සිට | දිනමිණ

උතුරේ හානි වූ වගා බිම් තක්සේරුව අද සිට

උතුරේ දිස්ත‍්‍රික් කිහිපයක හටගත් ආපදා තත්ත්වයෙන් විනාශ වූ වගාවන්හි භූමි තක්සේරු කටයුතු අද(07) සිට ආරම්භ වේ.
 
කෘෂිකර්ම නිලධාරින් සහ රක්ෂණ නිලධාරින් ඊට සහභාගී වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. පොහොර සහනාධාර වැඩසටහන යටතේ ගොවීන්ගේ වගා ස්වයංව රක්ෂණ වී තිබීම විශේෂත්වයකි.
 
ඒ අනූව හෙක්ටාරයක් සඳහා රුපියල් හතළිස් දහසක වන්දියක් අදාළ ගොවීන්ට ලබාගත හැකිය. 
 
වගා භූමි තක්සේරු කිරිමෙන් පසු සාධාරණ ක‍්‍රමවේදයක් යටතේ ගොවීන්ට වන්දි ලබාදෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා පැවසීය.
 

නව අදහස දක්වන්න