ඉදිරි වසර දහයට ට්‍රිලි­යන පහක ව්‍යාපෘති ඇරැ­ඹී­මට සැල­සුම් | දිනමිණ

ඉදිරි වසර දහයට ට්‍රිලි­යන පහක ව්‍යාපෘති ඇරැ­ඹී­මට සැල­සුම්

චමීර ඇල්ලදෙණිය

ඉදිරි වසර දහයේ මහ නගර හා බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යෙන් රුපි­යල් ට්‍රිලි­යන පහක ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­ම­ටත්, රුපි­යල් බිලි­යන 250කින් නව නිවාස 50,000ක් සහ මධ්‍යම පන්තිය සඳහා නිවාස 5,000ක් ඉදි කිරී­ම­ටත් නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් කට­යුතු කරන බව මහ නගර හා බස්නා­හිර සංව­ර්ධන ඇමැති පාඨලී චම්පික රණ­වක මහතා පැවැ­සීය.

ඇමැ­ති­ව­රයා මේ අද­හස් පළ කළේ නව වසරේ රාජ­කාරී ආරම්භ කර­මින් රාජ්‍ය ප්‍රති­ඥාව ලබා­දී­මෙන් අන­තු­රුව අමා­ත්‍යාං­ශය ඇතුළු යටත් ආය­ත­න­වල නිල­ධා­රීන් සහ සේවක සේවි­කා­වන් අම­ත­මිනි.

එහි දී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීය.

මේ වර්ෂය රටේ අනා­ග­තයේ කිසි­යම් ආකා­ර­ය­කට හැර­වුම් ලක්‍ෂ­යක් නිර්මා­ණය කරන වස­රක් හැටි­යට දේශ­පා­ලන වශ­යෙන් පෙනී යනවා. ඒ වගේම මේ වර්ෂයේ දැනට තිබෙන පුරෝ­ක­ත­න­යන් අනුව ලෝකයේ ආර්ථි­කය තර­මක් දුරට මන්ද­ගාමී වන වස­රක්. දැන­ට­මත් අපේ ලෝක ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න නිය­මිත වස­රක් හැටි­යට මේ වසර නම් වී තිබෙ­නවා. එය සෑම රට­ක­ටම වාගේ අපේ රට­ටත් බල­පා­නවා. ඒ වගේම අපේ රටේ ඉති­හා­සයේ වැඩිම ණය මුදල ගෙවන්න මේ වසරේ දී සිදු වී තිබෙ­නවා. ඒ ණය මුදලේ විශේ­ෂ­ත්වය වන්නේ එයින් වැඩිම මුදල ගෙවන්න වෙලා තිබෙන්නේ විදේශ ණය. ඒ විදේශ ණය ප්‍රමා­ණය ඩොලර් මිලි­යන 5,600ක් මේ වසරේ ගෙවන්න නිය­මි­තයි. එය අති­වි­ශාල ධන­ස්ක­න්ධ­යක්. ඒ නිසා අපේ රට­ටත්, ලෝක­ය­ටත් ආර්ථික වශ­යෙන් විශාල ප්‍රශ්න තිබෙන අව­ස්ථා­වක් බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ වගේම අපේ අමා­ත්‍යාං­ශය 2015 සැප්තැ­ම්බර් මාසයේ ආරම්භ කරන විට හිස් කඩ­දා­සි­යක තිබුණේ. අප සතුව තිබෙන නාග­රික සංව­ර්ධන අධි­කා­රිය පවා ජල සම්පා­දන අමා­ත්‍යාං­ශ­යට අනු­යුක්ත කරන්න නිය­මි­තව තිබුණා. එම නිසා එම අමා­ත්‍යාං­ශයේ නමත් නගර සැල­සුම් සහ ජල­ස­ම්පා­දන ලෙස යොදා තිබුණා. අපි බලා­පො­රොත්තු වුණා බස්නා­හිර මහ නගර අධි­කා­රි­යක් පිහි­ටු­වන්න. මහ නගර අධි­කා­රියේ සැල­සුම ඒ වන විටත් සකස් කර තිබුණා. ඒ සැල­සුම ක්‍රියා­ත්මක කරන්න. 2016 වසරේ මැද භාගය වන­තුරු අප උත්සාහ කළා මේ මහ නගර අධි­කා­රිය පිහි­ටුවා ගන්න. නමුත් පළාත් සභා ආදියේ ඇති වූ විරෝ­ධතා නිසා එය පිහි­ටු­වන්න බැරි වුණා. ඒ නිසා මහ නගර සැලැස්මේ තිබූ අපේ සංව­ර්ධන ඉලක්ක ක්‍රියා­ත්මක කර­වී­මට තිබූ නීත්‍යා­නු­කූල බලය අපට අහිමි වුණා. අපි එයින් අධෛ­ර්යය වුණේ නෑ. විශේෂ ව්‍යාපෘති ගණ­නා­වක් ඇතුළු කර­ගෙන හිස් බිමක තිබූ අපේ අමා­ත්‍යාං­ශය කෙතක් බවට පත් කළා.

උදා­හ­ර­ණ­යක් හැටි­යට අපේ අමා­ත්‍යාං­ශ­යෙන් කර­ගෙන යන වරාය නගර ව්‍යාපෘ­තිය නතර කරන්න කියලා වාර්තා­වක් 2015 නව රජ­යෙන් ලබා දුන්නා. එහි දී ජනා­ධි­ව­රයා සමඟ අපි චීන­යට ගිය වෙලාවේ වරාය නගර ව්‍යාපෘ­තිය නතර කිරීම ගැන විශාල දේශ­පා­ලන ගැට­ලු­වක් පැන නැඟුණා. ඒ අව­ස්ථාවේ දී තමයි වරාය නගර ව්‍යාපෘ­තිය අපේ අමා­ත්‍යාං­ශය යට­තට ගෙන නාග­රික සංව­ර්ධන අධි­කා­රිය යට­තට පත් කර ආරම්භ කළේ. ඒ වරාය අධි­කා­රිය යටතේ කර­ගෙන ගිය ව්‍යාපෘ­තිය මහ­ජන විරෝ­ධතා නිසා කිසිම විදි­හ­කට කරන්න බෑ කියලා විශ්වාස කළා. පරි­ස­ර­වේ­දීන්ගේ විරෝ­ධතා නිසා කිසිම ආකා­ර­ය­කට කරන්න බෑ කියා සිතුවා. රටේ ගල් වැලි ටික ඉව­රයි කියලා මත­යක් තිබුණා. අද ඒ ව්‍යාපෘ­තිය ජීව­මාන වෙලා තිබෙ­නවා. එය අප පිට පැටවූ ව්‍යාපෘ­ති­යක්. එහි තිබූ සෑම කොන්දේ­සි­යක්ම අපි වෙනස් කළා. ජාතික ආර­ක්‍ෂාව පිළි­බ­ඳව නොයෙක් විදේශ රට­වල් මේ බිම්කඩ ගැන අපෙන් ප්‍රශ්න කළා. ඒ වගේම මේ රටේ ස්වෛරී­භා­වය එම­ඟින් කඩ­ව­න­වාය, මෙය සින්න­ක්ක­රව විදේ­ශි­ක­යන්ට ලබා දෙන­වාය කියන සිය­ලුම මත­වාද අද නෑ. අද ශ්‍රී ලංකා රජ­යට එය අයත් වෙලා තිබෙ­නවා.

මේ රටේ අද වරාය නග­ර­යෙන් පසුව පෞද්ග­ලික ක්‍ෂෙත්‍රයේ සිදු වන විශා­ල­තම ආයෝ­ජ­නය දුම්රිය සේවයේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළි­බඳ ව්‍යාපෘ­තිය. මේ ව්‍යාපෘති ගැන සම­හරු හිත­නවා කණු ටිකක් ගහලා රේල් පාරක් දාලා මේක අවු­රු­ද්දෙන් දෙකෙන් මැජික් බල­යෙන් වගේ කරන්න පුළු­වන් කියලා. මෙවැනි විශාල ව්‍යාපෘ­ති­යක් සිදු කරන්න ඉතාම අමා­රුයි. බ්‍රිතා­න්‍ය­යන් ලංකාවේ දුම්රිය සේවය පිළි­බඳ අද­හස ඇති කර ගත්තේ 1830 දී. යථා­ර්ථ­යක් වූණේ 1860 දී. ඒ වගේම අපි ඉංජි­නේ­රු­වන් හැටි­යට විදුලි දුම්රිය පද්ධ­ති­යක් ගේන්න කොප­මණ කාල­යක් උත්සාහ කළාද කියලා කවු­රුත් දන්නවා. මේ රටේ පළමු වැනි ජල විදුලි බලා­ගා­රය හදපු විමල සුරේන්ද්‍ර මහතා 1931 දී මෙරට විදුලි දුම්රිය යෝජනා කළේ අවි­ස්සා­වේල්ලේ සිට කැළණි තිස්සට. අද­ටත් අපට බැරි වුණා අපට වඩා නොදි­යුණු රට­වල් ගණ­නා­වක් විදුලි දුම්රිය දුවද්දී එය ක්‍රියා­ත්මක කර ගන්න. අපි වසර 20ක් සැල­සුම් කළා පොල්ග­හ­වෙල සිට පාන­දු­රට විදුලි දුම්රිය ඇති කරන්න. එය පොත­පතේ තිබුණා මිස කෙරුණේ නෑ. අපි සතුටු වෙනවා වසර 2ක් ඇතු­ළත එයට වඩා සම්පූ­ර්ණ­යෙන්ම වෙනස්, සිවිල් ඉංජි­නේ­රු­මය, යාන්ත්‍රික ඉංජි­නේ­රු­මය, විදුලි ඉංජි­නේ­රු­මය ක්‍රියා­ව­ලි­යක් වූ මේ සැහැල්ලු දුම්රිය පද්ධති පිළි­බඳ ක්‍රියා­ව­ලිය අපට පුළු­වන් වුණා. ඒ ව්‍යාපෘ­තියේ අධ්‍ය­ක්‍ෂ­ක­ව­රුන් ඇතුළු සියලු දෙනා­ටම අපේ ස්තූතිය මේ අව­ස්ථාවේ දී පිරි­න­ම­නවා. ඇත්ත­ටම පසු­ගිය දා සිදු වූ දේශ­පා­ලන අර්බු­දය, කුම­න්ත්‍ර­ණය සිදු නොවුණා නම් ජපන් ආධා­රය ලැබී අපට එය ආරම්භ කිරීමේ හැකි­යාව ලැබෙ­නවා. ඒ වගේම පෞද්ග­ලික අංශයේ ඒ ආයෝ­ජ­න­යෙන් ඉතිරි ව්‍යාපෘති කිරී­ම­ටත් අපි යෝජනා කර තිබෙ­නවා.

ඊ ළඟට අපි තාක්ෂණ නග­ර­යක් ඇති කිරී­මට කට­යුතු කළා. සම­හරු මෙය නව­ත්ව­නවා කිව්වා. මෙය තමයි මේ පාර උසස් පෙළ ප්‍රති­ඵළ දැක්ක නම් පේනවා ඇති මේ රටේ සිසු දරු දැරි­යන්ගේ ප්‍රව­ණ­තාව තිබෙන්නේ තාක්ෂ­ණ­යට. අපි ඉතාම සතුටු විය යුතුයි මේ සැරේ ඉංජි­නේරු අංශ­යෙන් පළ­වෙනි තැනට පත්වන්නේ දැරි­වි­යක්. තාක්ෂණ විෂය ධාරා­වන් සිදු කළ ළම­යි­න්ගෙන් 2/3ක් විභා­ගය පාස්. ඒ නිසා මේ රටේ අනා­ග­තය එතැන. ඒකයි අපි තාක්ෂණ නග­රය ස්ථාපිත කළේ. ඒ තාක්ෂණ නග­රය තමයි මේ රටේ අනා­ග­තය ඉදි­රි­යට ගෙන යන තැන. ඒ සඳහා අවශ්‍ය කරන මුල් වට පිටාව අපි සම්පූ­ර්ණ­යෙන්ම වගේ සකස් කර තිබෙ­නවා.

පරි­පා­ලන නග­රය පිළි­බ­ඳව කතා කර­නවා නම් ඒ ගැන නාග­රික සංව­ර්ධන අධි­කා­රි­ය­ටත්, අදාළ අය­ටත් ස්තූති­වන්ත විය යුතුයි. මොකද අපේ අර­මු­ද­ල්ව­ලින් එය ආරම්භ කර තිබෙ­නවා. සෙත්සි­රි­පාය පළ­වෙනි පිය­වර, දෙවන පිය­වර ආදී ඔය සෑම එකක්ම ආණ්ඩුවේ සල්ලි. ආණ්ඩුවේ මුදල් විය­දම් කිරීම ලොකු දෙයක් නෙමෙයි. නමුත් තමන් හම්බ කර ආය­ත­න­ය­කට කරන්න පුළු­වන් නම් එය තමයි ලොකුම වැඩේ. ආණ්ඩුවේ භාණ්ඩා­ගා­ර­යෙන් මුදල් ලැබෙ­නවා නම් ඕන ඉදි­කි­රී­මක් ඕන විශ්ව­ක­ර්ම­ය­කුට හදන්න පුළු­වන්. නමුත් අපේ අර­මු­ද­ල්ව­ලින් ඒක කරන්න අපි ඉදි­රි­පත් වෙලා ඒක අද ස්ථාව­රව අපට පුළු­වන් වෙලා තිබෙ­නවා පාරට දාන්න.

ඒ වගේම තවත් අති­වි­ශාල ව්‍යාපෘ­ති­යක් අපේ උර­මත කඩා වැටුණා. රුපි­යල් බිලි­යන 250කට වැඩි බල­ගතු ව්‍යාපෘ­ති­යක් වන පැල්ප­ත්වා­සීන්ට නිවාස ලබා­දෙන නාග­රික පුන­ර්ජී­වන ව්‍යාපෘ­තිය. එය හරි නම් මේ ආණ්ඩුව සහ භාණ්ඩා­ගා­රය සිදු කළ යුතු දෙයක්. නමුත් කන­ගා­ටු­වෙන් වුවත් කිව යුතුයි. 2016 වසරේ දී භාණ්ඩා­ගා­රය කර ඇරියා. අපට සිදු වුණා ඒ අනුව එයට උර දෙන්න. අපි උර දී එය ඉදි­රි­යට ගෙන ගියා. අව­සා­නයේ භාණ්ඩා­ගා­ර­යත් එය ප්‍රති­ප­ත්ති­යක් හැටි­යට පිළි­ගෙන තිබෙ­නවා. ඉදිරි කාලයේ දී අපි බලා­පො­රොත්තු වෙනවා ආසි­යානු බැංකු­වෙන් ආධාර උප­කාර ලබා­ගෙන තිර­සර ව්‍යාපෘ­ති­යක් බවට පත් කරන්න. අද හේන­මු­ල්ලට, මාලි­ගා­ව­ත්තට, කොලො­න්නා­වට ගිය විම අපට පෙනෙ­නවා නාග­රික පුන­ර්ජී­වන ව්‍යාපෘ­තිය යටතේ පැල්ප­ත්වාසී ජන­තා­වගේ ජීවිත කොච්චර බල­වත් විදි­හට මේ රටේ වෙනස් වෙලා තිබෙ­නවා ද කියලා. මේ රටේ ඉති­හා­සයේ රජ­යක් ඍජුව හා වක්‍රව මැදි­හ­ත්වෙලා සිදු කරන විශා­ල­තම නිවාස ව්‍යාපෘ­තිය එම නිවාස ව්‍යාපෘ­ති­යයි. රුපි­යල් බිලි­යන 250කින් නව නිවාස 50,000ක් ඇති කරන්න. ඒ වගේම අපි මධ්‍යම පන්තිය සඳ­හාත් නිවාස 5,000 ක් ඉදි­ක­රන්න නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් උරදී කට­යුතු කළ‍ා.

ඒ වගේම මේ රටේ හොඳට විය­දම් කරන අමා­ත්‍යාංශ හුඟක් ජන­ප්‍රි­යයි. නමුත් අපි ආඩ­ම්බ­ර­යෙන් කිය­නවා අපේ ආය­තන දෙකම, නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යත්, ඉඩම් සංව­ර්ධ­නය කිරීමේ සංස්ථා­වත් ලාභ ලබන ආය­තන බවට අපි පත් කළා. ආණ්ඩුවේ භාණ්ඩා­ගා­ර­යෙන් යැපෙන්නේ නැති තත්ව­යට අපි පත් කළා. ඒ වගේම ප්‍රකෝටි ගණන් ධනය ආයෝ­ජ­නය කරන තත්ව­යට අපි පත් කළා. 2015 දී බිලි­යන 39 ක ණය බරක තිබූ නාග­රික සංව­ර්ධන අධි­කා­රිය 2018 වන විට බිලි­යන 23ක් ආයෝ­ජ­නය කරන්න පුළු­වන් ආය­ත­න­යක් බවට පත් කළා. 78 සිට ගත් විට මුළු නාග­රික සංව­ර්ධන ඉති­හා­ස­යේම ඒ වගේ කිහිප ගුණ­යක් ආයෝ­ජ­නය කරන්න මේ කෙටි කාල­යේදී නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යට හැකි­යාව ලැබුණා. ඒ නිසා මේ අමා­ත්‍යාං­ශය පිටින් බලලා බෑ. මේ අමා­ත්‍යාංශ්‍ය අනුන්ගේ වැඩත් කර­ග­හ­ගෙන කළ එකක්.

ඊ ළඟ වසර දහයේ මේ අමා­ත්‍යාං­ශය උර දී තිබෙන ව්‍යාපෘ­ති­වල වටි­නා­කම ට්‍රිලි­යන 5ක් වෙනවා. මහා­මාර්ග අමා­ත්‍යාං­ශය පම­ණයි අපට වඩා වාර්ෂි­කව එවැනි ක්‍රියා­ව­ලි­යක් සිදු කර­නවා. ආර්ථි­ක­යට කරන බල­පෑම පැත්තෙන් ගත්විට විශා­ල­තම ව්‍යාපෘති රැසක් අපි සාර්ථ­කව ඉදි­රි­යට ගෙන ගොස් තිබෙ­නවා. ඒ වගේම අපි මේ වසරේ දී බලා­පො­රොත්තු වෙනවා කුඩා ව්‍යාපෘති පිළි­බ­ඳව වැඩි­පුර අව­ධා­නය යොමු කර අපේ ජන­තා­වගේ සුළු පරි­මාණ නාග­රික අව­ශ්‍යතා දෙසට වැඩි අව­ධා­න­යක් යොමු කර ක්‍රියා කරන්න. ඒ සඳහා ඔබේ ශක්තිය, ඔබේ කැප­වීම, ඔබේ ධෛර්යය අපි බලා­පො­රොත්තු වෙනවා. මේ වසරේ දේශ­පා­ලන කවර දේශ­පා­ලන හැල හැප්පී­මත් තිබු­ණත්, මේ ජන­තාව වෙනු­වෙන්, අනා­ග­තය වෙනු­වෙන් වූ මේ සංව­ර්ධ­නය ඉදි­රි­යට යා යුතු වෙනවා. අපට ලැබුණු හිස් ඉඩ­මක, මුඩු ඉඩ­මක සරු­සාර වගා­වක් දැන් රෝප­ණය කර තිබෙ­නවා. ඒක අනා­ග­තය කරා රැගෙන යෑමේ වග­කීම සේවක ඔබ සැමට තිබෙ­නවා. ඔබ සියලු දෙනාම ඒ මත පද­නම්ව අනා­ග­තයේ අපේ දරු­වන්ට ඒ ඵල නෙළා­ගන්න පුළු­වන් ආකා­ර­යට මේ ඉදිරි දශ­කයේ මේ අමා­ත්‍යාං­ශය රැගෙන යයි කියන බලා­පො­රො­ත්තු­වෙන් සිය­ලුම දෙනා­ටම සුබ නව වස­රක් වේවා.


නව අදහස දක්වන්න