මෙඩි­ටෙ­ක්ස්ට­යිල් සමා­ගම NBE සම්මාන දිනයි | දිනමිණ

මෙඩි­ටෙ­ක්ස්ට­යිල් සමා­ගම NBE සම්මාන දිනයි

ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාර ජාතික විශිෂ්ටතා 2018 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලබන්නට සී/ස මෙඩිටෙක්ස්ටයිල් (පෞද්ගලික) සමාගම සමත් විය. ISO 9001-2008 තත්ත්ව සහතිකය දිනූ මෙඩිටෙක්ස්ටයිල් ජාතියට උසස් තත්ත්වයේ වෛද්‍ය සැපයුම් ලබා දීමේ ස්වකීය දැක්ම අනුව යමින් ශල්‍යකර්ම ආවරණ ද්‍රව්‍ය වන කපු වෙළුම් පටි, අවශෝෂණ කපු ගෝස්, හදිසි වෙළුම් පටි, එක්ස් කිරණ හදුනාගත හැකි ගෝස් ආදිය නිෂ්පාදනය කරයි. එමෙන්ම පොවිඩෝන් අයඩීන් ද්‍රාවණද නිපදවයි. රජයේ හා පෞද්ගලික අංශයේ වෙළුම් පටි ඇතුළු වෛද්‍ය සැපයුම්වලින් 65%ක් සපයන්නේ මෙඩිටෙක්ස්ටයිල්ය.

සමාගමේ කර්මාන්තශාලාව කළුතර දිස්ත්‍රික්කයේ අක්කර දෙකක සුන්දර හරිත භූමියක පිහිටා ඇත. අලෙවි නියෝජිතයන් 120කින් සමන්විත දිවයින පුරා විහිදුණු බෙදා හැරීමේ ජාලයක්ද සමාගම සතුය. ජපානය හා මාලදිවයින වෙත ඇතැම් නිපැයුම් අපනයනය කරන අතර සමාගමේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 300ක් පමණ වේ. රෙදිපිළි කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ කීර්තිමත් පවුලකින් පැවත එන පැල්පොල මහතා 1984දී මෙඩිටෙක්ස්ටයිල් සමාගම සුළු පරිමාණයෙන් ඇරරඹූ අතර වර්තමානයේදී ඊට නවීන තාක්ෂණයෙන් සපිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් අයත්ය. නිෂ්පාදනවල තත්ත්වය නගා සිටුවීම සදහා නව තාක්ෂණය හා උසස් ප්‍රමිතිකරණය හඳුන්වා දී ඇත. ශල්‍යකර්ම සැපයුම් නිෂ්පාදන යනු අත්‍යවශ්‍ය භාණ්ඩයකි. ශල්‍යකර්ම සැපයුම් කර්මාන්තයෙන් රටට විදේශ විනිමය විශාල වශයෙන් ඉතිරි කළ හැකිය. අදාළ නිපැයුම් සදහා විශාල ආනයන බද්දක් පැනවීම මෙන්ම බාල නිපැයුම් ආනයනයට එරෙහි නීති රෙගුලාසි පැනවීම කර්මාන්තයේ උන්නතියට හේතු වූ බව පවසන පැල්පොල මහතා බාල නිෂ්පාදන ආනයනය රහසේම සිදුවීම කනගාටුවට කරුණක් බව සදහන් කළේය. නීති ක්‍රියාත්මක කරවන බලධාරීන් ඒ සම්බන්ධයෙන් වග කිව යුතු බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

නව අදහස දක්වන්න