බෙරෙ­න්ඩිනා සමූ­හ­යට රිදී සහ කුස­ලතා සම්මාන | දිනමිණ

බෙරෙ­න්ඩිනා සමූ­හ­යට රිදී සහ කුස­ලතා සම්මාන

බෙරෙන්ඩිනා සමුහයට අයත් බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් (Berendina Development Service සහ එහි ක්ෂුද්‍ර මුල්‍ය සමාගම (Berendina Microfinance Investment Company - BMIC ) පසුගියදා පැවති 54 වන වරලත් ගණකාධිකාරී ආයතනයේ වාර්ෂික වාර්තා ඇගයීමේ සම්මාන උළෙලේදී පිළිවෙලින් රිදී සහ කුසලතා සම්මාන දිනා ගැනීමට සමත්විය.

පසුගිය 4 වනදා කොළඹ Shangri-La හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී කාණ්ඩ 22ක් නියෝජනය කරමින් මෙරට සමාගම් 130කට ආසන්න සංඛ්‍යාවක් තරග වැදිණි. ලාභය අරමුණු කර නොගත් රාජ්‍ය නොවන ආයතන කාණ්ඩය යටතේ බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම පළමු වරට මෙහිදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්ෂුද්‍ර මුල්‍ය බලපත්‍රය ලබාගැනීම සඳහා පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කරන ලද බෙරෙන්ඩිනා මයික්‍රො ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ලාභ නොලබන ආයතන කාණ්ඩය යටතේ පසුගිය වසරේදී රන් සම්මානය දිනාගන්නා ලදී. මේ වසරේදී පළමු වරට පොදු සමාගමක් ලෙස සමස්ත වත්කම් රු. බිලියන 20 දක්වා වන මුල්‍ය සමාගම්, කල්බදු සමාගම් සහ වෙනත් මුල්‍ය ආයතන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

දුගීබව තුරන් වූ සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බෙරෙන්ඩිනා සමූහය ග්‍රාමීය සහ වතුකර ආශ්‍රිත ජනතාවගේ දුගීබව නිසා හටගෙන ඇති අභියෝග වලට පිළියම් යෙදීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.

වැඩිහිටියන්, වැන්දඹු කාන්තාවන් සහ අබාධිත පුද්ගලයන් ඇතුළු අඩු වරප්‍රසාද ලාභී ජනතාවගේ ආර්ථික තත්ත්වය නගාසිටුවීම සඳහා එම සමාගම පුළුල් පරාසයක විහිදුනු ව්‍යාපෘති රැසක් දියත් කරයි. මෙරට දිස්ත්‍රික්ක 11ක් පුරා ශාඛා 32ක පිහිටි සිය කාර්යාල ජාලය හරහා බෙරෙන්ඩිනා සමූහය අඩු වරප්‍රසාදලාභී පවුල් 150,000කට අධික සංඛ්‍යාවක සමාජ-ආර්ථික තත්ත්වය ගොඩනැගීමට වාර්ෂිකව ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කරයි.

බෙරෙන්ඩිනා ඩිවලොප්මන්ට් සර්විසස් සමාගම පිරිසිදු පානීය ජල ව්‍යාපෘති, සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබාදීම, නිවාස සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීම මෙන්ම ග්‍රාමීය සහ වතු අශ්‍රිත ජනතාව දැනුවත් කිරීම සඳහා බිම් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන සවිබලගැන්විම වැනි ප්‍රජා සත්කාරක සේවාවන් රුසක් සිදුකරයි.

 


නව අදහස දක්වන්න