නාමල් කුමාර ගැන වෙනමම පරීක්‍ෂණයක් | දිනමිණ

නාමල් කුමාර ගැන වෙනමම පරීක්‍ෂණයක්

(සුභාෂිණී සේනානායක)
දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු නාමල් කුමාර යන අය සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂනයක් ආරම්භ කර ඇතැයි රහස් පොලිසිය අද  (02) අධීකරණයට දැනුම් දුන්නේය.
 
එමෙන්ම නාමල් කුමාර යන පුද්ගලයා ගුවන් හමුදාවට බැදීමේදී වසර 2002 දී ඉදිරිපත් කර ලද සාමාන්‍ය පෙළ විභාගය සමත් බවට ඉදිරිපත් කර ඇති ලේඛනය ව්‍යාජ ලේඛනයක් බවට සනාථ කර ඇතැයිද රහස් පොලිසිය කියා සිටියේය.
 
මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලට අදාළව නාමල් කුමාර යන අය අම්පාර මොරවැව මහ විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇතැයිද සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන දෙකක් සහිතව පමණක් සමත්ව විෂයන් 7ක් අසමත් බවට සනාථ වී ඇතැයිද රහස් පොලිසිය අධීකරණයට දන්වා සිටියේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය අධීකරණය හමුවේ කැඳවු අවස්ථාවේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධීකාරි ලොකුහෙට්ටි මහතා මේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ බව කියා සිටියේය.
 
මෙවානැ කුමන්ත්‍රනයක් කිරිම සම්බන්ධයෙන් ඔහු තුළ පවතින හැකියාවන් සහ එම කුමන්ත්‍රණවලට සමබ්නධයක් තිබිය යතු වන බැවින් මේ කරුණ ඇතුලු කරුණු ගණනාවක් සම්බන්දයෙන් එම විමර්හණය සිදු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 
ජනාධීපතිවරයා ඇතුලු පිරිසක් ඝාතනය කිරිමට අදාළ සිද්ධීයේ පැමිණීලිකරු වන නාමල් කුමාර යන අය 2009 වසරේ අම්පාර ගුවන් හමුදා කඳවුරරේ සේවයට එක්ව ඇති බවත් 2005 දී පුහුණූවෙන් පසුව ගුවන් හමුදාව හැරගොස් ඇති බවත් සිදු කළ විමර්ශන  අනාවරණය කර ඇති බව කී රහස් පොලිසිය එම පුද්ගලයා 2010 වසරේ යුද හමුදා ඉංජිනේරු බලකායේ බැදී පුහුනුව ලබා ඇති බවත් 2011 ගජබා රේජිමේන්තුවේ සේවයට බැදී ඉන්ද පිටව ගොස් ඇති බවත් විමර්ශන අනාවරණය කර ඇති බවත් රහස් පොලිසිය කියා සිටියේය.
 
නාමල් කුමාර යන අය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් රහස් පොලිසිය ආරම්භ කර ඇති බවත් ගුවන් හමුදාව මගින්ද විමර්හනයක් සිදු කරන බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

අදහස් 1ක් ඇත

horun allanta puluwan horuntamaya!

නව අදහස දක්වන්න