අධි­ක­රණ තීන්දුවට එකඟ නෑ | දිනමිණ

අධි­ක­රණ තීන්දුවට එකඟ නෑ

දුමින්ද සම්පත්
නෙම්සිරි ජය­ති­ලක ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය නෙම්සිරි ජය­ති­ලක ශ්‍රී ලංකා විවෘත විශ්ව­වි­ද්‍යා­ලය

රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග්‍රා­මාත්‍ය ධුරයේ යළි වැඩ බාර­ගැ­නීම සහ මහින්ද රාජ­පක්ෂ මහතා විපක්ෂ නායක ධුර­යට පත්වීම, ටී.එන්.ඒ. සංවි­ධා­නය පිළි­බඳ දකුණේ ඇති විවිධ අද­හස්, පසු­ගිය දින කිහි­පයේ රට මුහු­ණ ­දුන් තත්ත්ව­යෙන් මුදා ගැනීම සඳහා ව්‍යව­ස්ථා­දා­ය­කය විධා­ය­කය සහ විප­ක්ෂය ගත­යුතු පිය­වර අද අද­හස් දෙකට විෂ­යවේ.

රනිල් වික්‍ර­ම­සිංහ මහතා අග­මැති ධුරයේ නැවත දිවු­රුම් දුන්නා. මහින්ද රාජ­පක්ෂ මහ­තාට විප­ක්ෂ­යට යන්න වුණා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහො­මද?

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු­වක් දුන්නා. හැබැයි මහින්ද රාජ­පක්ෂ මහ­ත්ත­යට අග­මැ­ති­ක­මෙන් අස්නොවී ඉන්නත් තිබුණා. පාර්ලි­මේ­න්තුවෙ බහු­ත­රය ඇතැයි ජනා­ධි­ප­තිට හිතෙන කෙනාට ව්‍යව­ස්ථාව අනුව අග­මැ­ති­කම දෙන්න පුළු­වන්. බහු­ත­රය පෙන්වන්න ඕන කියල කොහෙ­වත් නැහැ. ජනා­ධි­ප­ති­තුමා පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය ගරු­ක­ර­නව කිය­ලයි කිව්වෙ.

විධා­ය­ක­යට තිබෙන බලය පාවි­ච්චි­ක­රල, පාර්ලි­මේන්තු බහු­ත­රය නැති කෙනෙ­කුට අග­මැ­ති­කම දෙන්න පුළු­වන්ද?

2015 මෛත්‍රී­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තුමා දිවු­රුම් දීපු ගමන් දි. මු. ජය­රත්න මහ­ත්තය ඉන්දැ­ද්දිම රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය අග­මැති කළා. එත­කොට බහු­ත­රය තිබුණෙ නැහැ. ඒක ජනා­ධි­ප­තිගෙ කැමැත්ත. මහින්ද මහ­ත්තය වගේ ජන­ප්‍රිය චරි­ත­යක් පැර­දුනා කියන්නෙ ඇත්ත­ටම ජන­ම­තය ඒ වෙලාවෙ වෙනස් වෙලා. ඒ වගේම කට්ටි­යක් රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්ත­යත් එක්ක එක­තු­වෙලා බහු­ත­රය පෙන්නුවා. මහ මැති­ව­ර­ණ‍ය­කින් ගන්න ජන­ම­තය නිය­තව තියෙන්නෙ නැහැ, වෙනස් වෙනවා. ජනා­ධි­ප­ති­තුමා එහෙම උප­ක­ල්ප­න­යක් කළා.

ඒ උප­ක­ල්ප­නය නිසා රට අස්ථා­වර වුණා නේද?

එතන පොඩි ව්‍යාකූල බවක් තියෙ­නවා. මොකද... පාර්ලි­මේ­න්තුවෙ සැබ­වින්ම තියෙන මත­යට අනුව නෙවෙයි පත්ක­රන්නෙ. පහු­ගිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යට තරග වැදු‍ෙණ ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යක් විදි­යට නෙවෙයි හැම පක්ෂ­යම අභි­යෝග කළේ බල­යට. එත­නින් ජන­ම­ත­යක් නියෝ­ජ­නය වුණා. එක්සත් ජාතික පක්ෂයෙ ජන­බ­ලය අඩු­වුණා. පොහො­ට්ටුව වැඩි බල­යක් පෙන්නුව. පාර්ලි­මේ­න්තුවෙ අද තියෙන්නෙ සැබෑ ජන­ම­තය නෙවෙයි. මම විධා­යක ජනා­ධි­පති ක්‍රම­යට කැමැ­තියි. යුද්ධය අව­සන් කළේ මේ ක්‍රමය හින්ද. කැබි­නට් එක නැතු­වත් ජනා­ධි­ප­ති­තුමා දවස් 51ක් රට පාල­නය කළා. ජනා­ධි­පති ක්‍රමය තියෙන හැම රටක්ම ස්ථාව­රයි.

මහින්ද රාජ­පක්ෂ මහ­ත්තය අග­මැ­ති­කම අත­හ­රින්නෙ රට ස්ථාවර කරන්න කිය­ලයි. දැන් ඔහුගෙ කාර්ය­භා­රය වෙන්න ඕන මොකක්ද?

දැන් විප­ක්ෂයෙ කාර්ය­භා­රය කරන්න ඕන. එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ජාතික ආණ්ඩුවෙ නැහැ. ඒ හින්ද ඔවුන්ට ඒ වග­කීම තියෙ­නවා.

රටේ පැවති දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය නිවැ­රදි කරන්න අධි­ක­ර­ණ­ය­ටත් මැදි­හ­ත්වෙන්න වීම ගැන මොකද කියන්නෙ?

රටේ ඉහ­ළම අධි­ක­ර­ණය ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය. ඒ තීන්දු­වට අභි­යෝග කරන්න බැහැ. මම නම් මේ තීන්දුව සමඟ එකඟ නැහැ. දැන් ජන­මත විචා­ර­ණ­යක් තිබ්බොත් මහ මැති­ව­ර­ණ­යක් ඕන කිය­ලයි රටේ මිනිස්සු කියන්නෙ. තිබ්බ ආණ්ඩුවෙ ගැටලු ජනා­ධි­ප­ති­තුමා කිව්වා. එක පැත්ත­කින් මහ බැංකුව කොල්ල කෑවා. මහ බැංකු අධි­පති කළේ විජා­ති­ක­යෙක්. ජනා­ධි­ප­ති­තුමා ඒකට විරුද්ධ වුණා. රණ­වි­රු­වන්ට කෙනෙ­හි­ළි­කම් කළා. අපේ හමු­දාව කළේ මානු­ෂික මෙහෙ­යුම්. ස්වාමීන් වහ­න්සේ­ලාට කෙනෙ­හිළි කළා. ඇත්තු ගැන කථා­වෙ­දිත් අපේ බෞද්ධ සංස්කෘ­ති­යට ගැහුවා. මෙතන සංස්කෘ­තික ගැටු­ම­කුත් තිබුණා.

පාර්ලි­මේ­න්තු­වට ජනතා බලය ලැබුණෙ අවු­රුදු 5කට. කලින් විසු­රුවා හැරී­මෙන් ජනතා මතය නොස­ලකා හැරී­මක් සිදු­වුණා නේද?

1978 ව්‍යව­ස්ථාවෙ තිබුණෙ පාර්ලි­මේ­න්තු­වට වස­රක් යන­කොට ජනා­ධි­ප­තිට විසු­රු­වන්න පුළු­වන් කියල. රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තය 2002දීත් ඕක වෙනස් කරන්න හැදුවා. ඒ වෙලාවෙ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයෙ සත්පු­ද්ගල විනි­සුරු මඬුල්ල කිව්වෙ ඒක විධා­ය­ක­යට අභි­යෝග කිරී­මක් කියල. ජනා­ධි­පති පත්ක­රන්නෙ රටේම ජන­තාව. ජනතා පර­මා­ධි­පත්‍ය තියෙන්නෙ එත­නයි. ඒ වෙලාවෙ අධි­ක­ර­ණය කිව්වෙ 2/3 න් සම්මත කරල ජන­මත විචා­ර­ණ­ය­ක­ටත් යන්න කිය­ලයි. එහෙම දෙයක් නොවී තමයි 19න් 4 ½ ක් හදා­ගත්තෙ. මේක ඉතාම කූඨ විදි­යට කරපු වැඩක්. කාරක සභා­වෙදි තමයි මේ වැඩේ කළේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට පාර්ලි­මේ­න්තුවෙ 2/3 ක බල­යක් ලැබුණ.

මහින්ද රාජ­පක්ෂ මහතා ඇතුළු විප­ක්ෂය එත­නදි වර­දක් කරන්නෙ. අපි ඒ වෙලාවෙ ඒ අයට මේක සම්මත කරන්න එපා කියල කිව්වා.

විප­ක්ෂය මේක සම්මත කරන්න උදව් කළේ ඇයි?

විප­ක්ෂය තමන්ගෙ කාර්ය­භා­රය ඉටු­කළේ නැහැ. සරත් වීර­සේ­කර මහ­ත්තය විරුද්ධ වුණා. මහින්ද රාජ­පක්ෂ මහ­ත්තය කියන නිසා මේකට ඡන්දෙ නොදී ඉන්න බැරි හින්ද ජනක බණ්ඩාර මහ­ත්තය එදා ගෙදර හිටිය. විප­ක්ෂය කරපු බර­ප­තළ වර­දක්. සිය­තින් ගෙල මිරි­ක­ගත්ත වගේ වැඩක්.

එහෙම වග­කී­මක් නැතුව හැසි­රිච්ච කණ්ඩා­ය­ම­කට රටේ ආණ්ඩු බලය ගියොත් මොකද වෙන්නෙ?

අපිට තියෙන්නෙ බල කඳ­වු­රු­ව­ලින් නරක අඩුම කඳ­වුර තෝර­ගන්න. අපි කැමති සියලු ගුණාංග තියෙන ආණ්ඩු හොයා­ගන්න බැහැ. ඒ අය මේකෙන් හොඳ පාඩම් ඉගෙන ගත්ත. එහෙම ඉගෙන ගත්තෙ නැත්නම් ඒ අය ආණ්ඩු කරන්න හොඳ නැහැ.

ව්‍යව­ස්ථා­දා­ය­ක­යයි විධා­ය­ක­යයි අතර පහු­ගිය කාලෙ ඇති­වුණ ගැටුම සංසි­දුනෙ නැත්නම් රටේ අනා­ග­ත­යට මොකද වෙන්නෙ?

විධා­ය­කය, ව්‍යව­ස්ථා­දා­ය­කය, අධි­ක­ර­ණය බොහොම හොඳට තිබුණා. 19 තමයි මේ අර්බුද ඇති කළේ. සම­හර වග­න්ති­ව­ලට අනුව ජනා­ධි­ප­තිට විසු­රු­වන්න පුළු­වන්. 70 – 1 තමයි බැහැ කියන්නෙ. කොයි­ත­රම් දක්ෂ නීතිඥ මහ­තු­න්ගෙන් වුණත් නඩු­වෙදි කරුණු හරි­යට මතු­වුණේ නැහැ. ගැටුම් ඇති වුණොත් රට ඉදි­රි­යට යන්නෙ නැහැ. දැන් ආණ්ඩු­වක් පත්වෙලා තියෙ­නවා. ඒ හින්ද ගැටු­මක් වෙන එකක් නැහැ.

ටී. එන්. ඒ. එක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දේශ­පා­ලන ප්‍රවා­හ­යක්. ඔවුන්ට විරු­ද්ධව දකුණේ එල්ල­වෙන චෝදනා දකින්නෙ කොහො­මද?

දකුණේ විවේ­චන සාධා­ර­ණයි. විපක්ෂ නායක හැටි­ය­ටත් සම්බ­න්දන් මහතා කතා කළේ දෙමළ ජාතිය ගැන විත­රයි. ටී. එන්. ඒ. එකේ කට්ටිය, එල්. ටී. ටී. ඊ. කාලෙ ඔවුන්ට වක්‍රව උදව් කළා. ඔවුන් එල්. ටී. ටී. ඊ.ය දේශ­පා­ලන කණ්ඩා­යම, බෙදු­ම්වා­දය රකින කට්ටිය. විග්නේ­ශ්ව­රන් මහ­ත්තය අදත් ප්‍රසි­ද්ධියෙ කියන්නෙ උතු­රෙන් සිංහල අය යන්න ඕන කියල.

එල්. ටී. ටී. ඊ. සන්නද්ධ අංශ නාය­කයො පවා පාර්ලි­මේන්තු දේශ­පා­ල­නය කළා. ටී. එන්. ඒ. එක එහෙම කණ්ඩා­ය­මක් නෙවෙයි නේද?

ඔව්. කරුණා අම්මාන්, පිල්ලෙ­යාන් ඒ අය ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයෙ සාමා­ජි­ක­ත්වය ගත්තා. ඔවුන් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවා­හ­යට ආවා. ඔවුන් දෙමළ ජාති­වාදී වුණේ නැහැ.

ඇමැති විෂ­යන් බෙදී­මේදී පහු­ගිය කාලෙ පුරාම කිසිම විද්‍යා­ත්මක පද­න­මක් තිබුණෙ නැහැ. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහො­මද?

අනි­වා­ර්ය­යෙන්ම මේ විකා­රය නව­ත්වන්න ඕන. ඇම­ති­වරු නෙවෙයි අමා­ත්‍යං­ශයි අපි පැහැ­දි­ලිව හඳු­න­ගන්න ඕන. ඉස්සර පැහැ­දි­ලිව ඇමැති විෂය බෙදල තිබුණ. එකි­නෙ­කට සම්බන්ධ විෂ­යන් එක අමා­ත්‍යං­ශ­යක් යට­තට ගන්න ඕන. එක එක්කෙනා සතු­ටු­ක­රන්න ඇම­ති­කම් දීල වැඩක් නැහැ. ආණ්ඩු මාරු­වු­ණාට අමා­ත්‍යංශ මාරු­වෙන්න බැහැ.


පැනීමේ විද්‍යා­වට ඇමැ­ති­කම් එපා

- ආචාර්ය ජනක් කුමා­ර­සිංහ
ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලය

රනිල් වික්‍ර­ම­සිංහ මහතා නැවත අග­මැති වශ­යෙන් දිවු­රුම් දුන්නා. දැන් ආණ්ඩුව ගමන් කළ­යුතු මාර්ගය ඔබ දකින්නෙ කොහො­මද?

පළාත් පාලන මැති­ව­ර­ණ­යෙදි ජන­තාව ආණ්ඩු­වට හොඳ පණි­වු­ඩ­යක් දුන්නා. ඒක ආණ්ඩුව තේරුම් ගත්තෙ නැහැ. දේශ­පා­ලන ව්‍යාපා­ර­ව­ලට වඩා 2015දි ප්‍රබ­ලව ක්‍රියා­කාරී වුණේ සිවිල් ව්‍යාපාර. දූෂ­ණය නැති කර­නව, දූෂි­ත­යන්ට දඬු­වම් කර­නව කියල ජන­තාව බලා­පො­රොත්තු වුණා. මහ බැංකු වංචාව වුණා. පෙර ආණ්ඩුවෙ වැරදි ආයෙත් වෙන්න පට­න්ගත්තා. මේ ආණ්ඩුව, යහ­පා­ලන ආණ්ඩුවෙ පර­මාර්ථ ඉටු­ක­රන්න කට­යුතු කරන්න ඕන. එහෙම වුණොත්, මේ ආණ්ඩු­වට ජනතා ආක­ර්ශ­නය ඇති­වෙයි.

රටේ පැවති දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය නැති­ක­රන්න අධි­ක­ර­ණ­ය­ටත් මැදි­හ­ත්වෙන්න වීම ගැන ඔබ මොකද කියන්නෙ?

අධි­ක­ර­ණය, ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය කියන්නෙ ව්‍යව­ස්ථා­වට අනුව ප්‍රධාන බල­කණු තුන. කිසිම කෙනෙක්ට මේ ගැන අව­බෝ­ධ­යක් තිබුණෙ නැහැ. පහු­ගිය දින 51දී ජන­තාව මේ ගැන හොඳ අව‍බෝ­ධ­යක් ගත්ත. ඒක හොඳ තත්ත්ව­යක්. අධි­ක­ර­ණයෙ ස්වාධී­න­ත්ව­යෙන් ජන­තා­වට කොච්චර දෙයක් ගන්න පුළු­වන්ද කියල මේ සිදු­වී­මෙන් පේනවා. මේ තත්ත්ව­යෙදි අධි­ක­ර­ණ­ය­වත්, ව්‍යව­ස්ථා­දා­ය­ක­ය­වත්, විධා­ය­ක­ය­වත් ජය­ගත්තෙ නැහැ. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයෙ බල­කණු තුනේ නැගි­ටී­මෙන් රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය, ජනතා පර­මා­ධි­පත්‍ය තමයි ජය­ගත්තෙ. මේ එකක් හරි අන­වශ්‍ය විදි­යට මතු­වු­ණා­නම් ඒකෙ පහර වදින්නෙ ජනතා පර­මා­ධි­ප­ත්‍ය­යට.

ඔබ ජනතා පර­මා­ධි­පත්‍ය ජය­ගත්ත කිව්වත් බොහෝ­දෙ­නෙක් කියන්නෙ ජන­තා­වගෙ ඡන්ද අයි­ති­යයි නැති­වුණේ කියල.

ජනතා ප‍රමා­ධි­පත්‍ය කියන්නෙ ඡන්ද බලය විත­රක්ම නෙවෙයි. ජන­තාව පත්ක­රපු ආණ්ඩු­ව­කට කාල­සී­මාව ඉව­ර­වෙ­න­කන් යන්න දෙන්න ඕන. ව්‍යව­ස්ථාව කොල­කෑ­ල්ලක් විය යුතු නැහැ. ව්‍යව­ස්ථාව හරි­යට ක්‍රියා­ත්මක වීම වැද­ගත්. 2015 ඡන්දය දීපු මිනි­සුන්ගෙ ඡන්ද අයි­තිය අවු­රුදු 5ක් යන‍තෙක් කඩ­න්නත් බැහැ. ඔබේ ඔය තර්ක­යට අනු­වත් තියෙන්නෙ ජන­තා­වගෙ පර­මා­ධි­පත්‍ය බලය. ඒ පර­මා­ධි­පත්‍ය දූෂ­ණය කරන්න බැහැ. ජනතා පර­මා­ධි­පත්‍ය ඡන්ද­ය­කට ලඝු­ක­රන්න එපා.

ව්‍යව­ස්ථා­දා­ය­ක­යයි, විධා­ය­ක­යයි අතර ගැටුම සංසි­දුනෙ නැත්නම් රටට මොකද වෙන්නෙ?

රජ­ය­කින් බලා­පො­රොත්තු වෙන්නෙ ජනතා සුබ­සා­ධ­නය. ඒ ගොල්ලො අම­තක කර­න්නෙත් මේක තමයි. ජන­තා­වගෙ ජීවන තත්ත්වය ඉහළ දාන්න ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය, අධි­ක­ර­ණය එකතු වෙන්න ඕන. මේව හැප්පෙන්න ගත්තොත් ජන­තා­වගෙ අපේක්ෂා ඉටු­වෙන්නෙ නැහැ. නීතිය ශක්ති­මත් වෙන්න ඕන. එතන ඉඳන් තීන්දු තීරණ ගන්න ඕන. බල අර­ග­ලය පැත්ත­කට දාන්න ඕන. පහු­ගිය දින 51දී රට ආප­ස්සට ගියා. රටට ආපු ආයෝ­ජන නැතු­වුණා. අපි ආර්ථික පරි­හා­නි­යට ගියා. ලෝකයා අපි ගැන අවි­ශ්වාස කළා. ඒ නිසා රටට එන්න තිබිච්ච ආයෝ­ජන වෙන රට­ව­ලට ගියා. මේ සිද්ධිය නිර්මා­ණය කරපු හැමෝම රටට වෙච්ච පාඩු­වට වග­කි­යන්න ඕන. ආර්ථික අලා­භය හිතා­ග­න්න­වත් බැහැ.

අලුත් ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව, යහ­පා­ලන සමාජ ප්‍රති­සං­ස්ක­රණ මේ පව­තින තත්ත්වය තුළ යථා­ර්ථ­යක් බවට පත්ක­ර­ගන්නෙ කොහො­මද?

රට ගොඩ­න­ගන්න තිබුණු ස්වර්ණ­මය අව­ස්ථාව තිබුණෙ 2009 යුද්ධ­යෙන් පස්සෙ. අපි ඒ අව­ස්ථාව මඟ­හැ­රියා. සියලු ජාතීන් එක­තු­ක­ර­ගෙන සියලු ජාතී­න්වම හදා­ගෙන අපිට හොඳ ගම­නක් යන්න තිබුණා. යුද්ධ­යෙන් පස්සෙ රටේ ඇති­වෙච්ච තත්ත්වය ඉ‍තාම නර­කයි. 2015 රටේ ජන­තාව පාල­ක­යන් වෙනස් කළේ ඒකයි. ව්‍යව­ස්ථා­දා­ය­කය ශක්ති­මත් කිරීම, විධා­ය­කය අහෝසි කිරීම රටේ නීති පද්ධ­තිය ශක්ති­මත් කිරීම යහ­පා­ල­න­යෙන් බලා­පො­රොත්තු වුණා. සම­හර කාරණා ඉටු­ක­රන්න පුළු­වන් වුණත් ජන­තාව හිතපු තරම් දෙයක් වුණේ නැහැ. දැන් තියෙන පාර්ලි­මේන්තු බල­යෙන් මේව කොච්චර කරන්න පුළු­වන්ද කියන ප්‍රශ්නය තියෙ­නවා. රට ගැන හිතල පාර්ලි­මේන්තු ගිය අය අඩුයි. තමන්ට ඇමැ­ති­කම නැති­වෙච්ච ගමන් එහා පැත්තට පනි­නවා. නව රජය හරි­යට වැඩ කළොත් සම­හර කාරණා දිනා­ගන්න පුළු­වන්.

ටී. එන්. ඒ. එක ගැන දකුණේ බොහෝ දෙනෙක් විවිධ විවේ­චන කර­නවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

මම පුද්ග­ලි­කව යුද විරෝ­ධි­යෙක්. ජාති­වා­දි­යෙක් නෙවෙයි. මොන පක්ෂ­යක හිටි­යත් පාර්ලි­මේ­න්තු­වට ගිය අය ජනතා පර­මාර්ථ ඉටු කර­න­වද කියන එක විත­රයි මට වැද­ගත්. ටී. එන්. ඒ. මන්ත්‍රී­ව­රුත් මේ රටේ පුර­වැ­සියො. ඔවුන් නියෝ­ජ­නය කරන්නෙ ජනතා කැමැ­ත්‍තක්. මේ රට ජාතීන් හැටි­යට බෙදන්න හදන්නෙ ඉහළ ඉන්න දේශ­පා­ල­ක­යන්. ජාතිය අනුව පාර්ලි­මේ­න්තුවෙ ආසන වෙන් කරල නැහැ. උතු­රේත් දකු­ණෙත් අපි හැමෝ­ටම තියෙන ප්‍රශ්න එකයි. උතුරෙ නාය­ක­යොත් දකුණෙ නාය­ක­යොත් එක්ව රට හදන්න ඕන. හොඳම උදා­හ­ර­ණය ප්‍රංශය. කහ කබා­කා­ර­යන්ගෙ සටනෙ හැම ජාති­යක්ම හිටිය. ඔවුන් හැමෝ­ටම තිබුණෙ පොදු ප්‍රශ්න­යක්. ටී. එන්. ඒ. එක වෙන තැන­කට තල්ලු­ක­රන්න හදන්නෙ ඇයි. හැමෝම එක­තු­ක­ර­ග­න්නයි ඕන.

ඇමැති විෂ­යන් බෙදද්දි කිසිම දව­සක විද්‍යා­නු­කූල පද­න­මක් තිබුණෙ නැහැ...

ඒක හරි­ය­ටම හරි. මම ඔබත් එක්ක සිය­යට සිය­යක්ම එක­ඟයි.

මේ අමා­ත්‍යංශ විෂය බෙදීම නිවැ­රදි කර­ගන්න ඔබ මොන­වගේ වැඩ පිළි­වෙ­ළක්ද යෝජනා කරන්නෙ.

රටේ උගත් බුද්ධි­මත් කට්ටිය එක­තු­වෙලා ලොකු හැදෑ­රී­මක් කරල වැඩ පිළි­වෙ­ළක් හැදුවා. ඒක යහ­පා­ලන ආණ්ඩු­වට බාර දුන්නා. දැන් අමා­ත්‍යාංශ බෙදන විදියෙ කිසිම පද­න­මක් නැහැ. විෂ­යන් අතර සම්බ­න්ධී­ක­ර­ණ­යක් නැහැ. මේ ආණ්ඩුව අපි දීපු වාර්තාව බලන්න ඕන. අඩුම තරමෙ අමා­ත්‍යංශ විෂය බෙදී­මෙ­දි­වත් විද්‍යා­ත්මක පද­න­මක් තියෙන්න ඕන. ඇම­ති­කම් දීමෙදි තියෙන විද්‍යාව තමයි පැනීමේ විද්‍යාව, පනි­න­ව­නම් ඇමැ­ති­ක­මක් දෙනවා. අමා­ත්‍යංශ කැඩු­ණොත් සැල­සුම් සක­ස්ක­ර­ගන්න බැහැ. එක ප්‍රති­ප­ත්ති­යක් හදන්න පුළු­වන් විදි­ය­ට­වත් අමා­ත්‍යංශ බෙදන්න ඕන.

නව අදහස දක්වන්න