මන්ත්‍රී රංජිත් සොයිසා අත්අඩංගුවේ | දිනමිණ

මන්ත්‍රී රංජිත් සොයිසා අත්අඩංගුවේ

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 16 වැනි ඉරිදා ගොඩකවෙල නගරයේදී පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබේ.

ඒ අනුව අද(20) පෙරවරුවේ ඔවුන් ගොඩකවෙල පොලිසිය වෙත දිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

නව අදහස දක්වන්න