ඇක්සි­ඩෙ­න්ටල් ප්‍රයිම් මිනි­ස්ටර් | දිනමිණ

ඇක්සි­ඩෙ­න්ටල් ප්‍රයිම් මිනි­ස්ටර්

බොලිවුඩයෙන් රසිකයන්ට තිළිණ කෙරෙන මන්මෝහන් සිංගේ ජීවිත කතාව ඇතුළත් තවත් පරමාදර්ශී දේශපාලන සිනමා පුරාවෘත්තයක් වන ද ඇක්සිඩෙන්ටල් ප්‍රයිම් මිනිස්ටර් ද තිරගත වන්නේ දෙසැම්බර් 21 වැනි දිනය.

මන්මෝහන් සිං යනු ජනාධිපති ධූරයට පත්වූ ප්‍රථම සීක් ජාතිකයාය.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආර්ථික විද්‍යා උපාධිලාභියකුවූ ඔහු ආර්ථික වශයෙන් ආගාධයකට ඇද වැටී තිබූ භාරත දේශය සංවර්ධනය කිරීමට විශාල කාර්ය භාරයක් ඉටු කළ නායකයෙකි.

සිනමා පටයේ මනමොහන් සිංගේ ච‍රිතය රඟන්නේ විශිෂ්ට රංගධරයකු වූ අනූපම් ඛේර්ය.

සුසේන් බර්නෙට්, ආහානා ඛන්නා සහ අර්ජුන් මාතූර් පිළිවෙළින් සෝනියා ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි, රාහුල් ගාන්ධිගේ චරිත නිරූපණය කරති.

සිනමා පටය විජේ රත්නකර්ගේ අධ්‍යක්ෂණයකි.

නව අදහස දක්වන්න