නිධන් හොරකමේ ගිය 04ක් දැලේ | දිනමිණ

නිධන් හොරකමේ ගිය 04ක් දැලේ

හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
හසලක පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
එහිදි ඔවුන් සතුව තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හසලක සහ ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(18) මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න