දෙවැනි ගමන දා හදිසි අනතුරක | දිනමිණ

දෙවැනි ගමන දා හදිසි අනතුරක

දික්වැල්ල ප්‍රදේශයේ තිබු මංගල සාදයක් අවසානයේ මාතර සිට ගාල්ල දෙසට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙමින් සිටි මනාල යුවළක් ගමන්ගත් මෝටර් රථයක් 99 වැනි කිලෝමිටර් කණුව අසලදී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ හැපීමෙන් අනතුරක් වි ඇත.

මෙම අනතුරෙන් මෝටර් රථයට හානිවි ඇති අතර මනාල යුවළට කිසිදු අනතුරක් වී නැත. අනතුරෙන් පසු ඇතිවු කම්පනයත් සමග මනාල යුවළ අධිවේගී මාර්ග ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කරනු ලැබිය.පසුව මනාල යුවළ රෝහලින් පිටව ගොස් ඇත.

දික්වැල්ල ප්‍ර දේශයේ දි මංගල සාදය අවසාන වී මෙසේ මෙම යුවළ දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මාතර සිට ගාල්ල දෙසට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මෝටර් රථය පැදවු රියදුරුටද අනතුරක් වි නැති අතර මෝටර් රථය ආරක්ෂිත වැටේ වැදිමෙන් පසු මිටර් කිහිපයක් මෝටර් රථය ධාවනය වී නතර වි ඇත.අක්මිමන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 ලංකින්ද නානායක්කාර ඉමදුව සමුහ

නව අදහස දක්වන්න