භූමිකා යුගල අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල රිපන් බාලි­කා­වට | දිනමිණ

භූමිකා යුගල අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල රිපන් බාලි­කා­වට

සමස්ත ලංකා පාසල් නාට්‍ය තර­ගා­ව­ලියේ භූමිකා යුගල අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල රිපන් බාලිකා විද්‍යා­ලයේ සප්නා සංජනා වේර­ගොඩ සහ නිපුනි වත්සලා කෝදා­ගොඩ යන ශිෂ්‍යා­වන් දිනා ගැනී­මට සමත් වී සිටිති . අඛ­ණ්ඩව පුරා වසර හත­රක් දකුණු පළාත් ප්‍රථම ස්ථානය දිනා ගැනී­ම­ටද මොවුහු සමත් වී සිටිති.

මෙවර ජීව විද්‍යා අංශ­යෙන් උසස් පෙළට මුහුණ දුන් සප්නා සංජනා ශිෂ්‍යාව පසු­ගිය වසරේ පැවති සමස්ත ලංකා නාට්‍ය තර­ගා­ව­ලියේ විදේ­ශීය පරි­ව­ර්ථන කෙටි නාට්‍ය තරග අංශයේ දක්ෂ­තම නිළිය ලෙස ජූරියේ ගෞරව සම්මා­න­යට පාත්‍ර වී ඇත. මොවුන් දෙප­ළගේ සහජ හැකි­යාව ඔප මට්ටම් කොට වටි­නා­ක­මක් ලබා දීමට වෙහෙස මහන්සි වී කට­යුතු කර ඇත්තේ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරු­ව­රිය වන සචිනි ධනුෂ්කා මහ­ත්මි­යයි. විදු­හ­ල්ප­තිනි එම්.ආර්.එස්. අයි­රාං­ගනී මහ­ත්මි­යගේ නොමද සහාය අවශ්‍ය සෑම විටම තමන්ට ලැබුණු බව මේ සිසු­වියෝ කීහ.

හික්ක­ඩුව සමූහ බුද්ධික වීර­සිංහ

නව අදහස දක්වන්න