ආසි­යානු නැඟී එන කුස­ලා­න­යට ශ්‍රී ලංකාව-ඉන්දි­යාව අද ගැටෙති | දිනමිණ

ආසි­යානු නැඟී එන කුස­ලා­න­යට ශ්‍රී ලංකාව-ඉන්දි­යාව අද ගැටෙති

නිරෝෂන් ප්‍රියංකර

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය සංවි­ධාන කරන ආසි­යානු කුස­ලාන නැඟී එන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් මහා තරග අද (15) සත්කා­රක ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව අතර ආර්.ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

ඉන්දි­යාව අප­රා­ජි­තව අව­සන් තර­ග­යට එක්වූ අතර ශ්‍රී ලංකා පිල මූලික වට­යේදී ඉන්දි­යා­වට පම­ණක් පරා­ජය විය. පළමු අව­සන් පූර්ව තර­ග­යේදී පාකි­ස්තා­නය කඩුලු 7කින් පරා­ජය කර­මින් අව­සන් තර­ග­යට පිවිසි ඉන්දි­යාව මූලික වට­යේදී ඇෆ්ග­නි­ස්තා­නය ලකුණු 74කින්, ඕමා­නය කඩුලු 6කින් පරා­ජ­යට පත් කළේය.

දෙවැනි අව­සන් පූර්ව තර­ග­යෙන් බංග්ලා­දේ­ශය කඩුලු 4කින් පරා­ජය කර­මින් අව­සන් තර­ගයේ සිය ස්ථානය වෙන්ක­ර­ගත් සත්කා­රක ශ්‍රී ලංකා පිල මූලික වට­යේදී ඕමා­නය ලකුණු 109කින්ද, ඇෆ්ග­නි­ස්තා­නය කඩු­ල්ල­කින්ද පරා­ජ­යට පත් කළේය.

මේ කණ්ඩා­යම් දෙකම මින් පෙර නැඟී එන ශූර­තාව බැගින් දිනා සිටී. ශ්‍රී ලංකා කණ්ඩා­යම වත්මන් ශූර­යන් ලෙස අව­සන් තර­ග­යට එක්වන අතර ඉන්දි­යාව පළමු වරට පැවැති 2013 තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගත්තේය. නැඟී එන ආසි­යානු කුස­ලාන තරග බිමේ ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව එකි­නෙකා හමු­වන්නේ තෙවැනි වර­ටය. මෙවර තර­ගා­ව­ලියේ මූලික වට­යේදී මේ දෙපිල අතර පැවැති තර­ග­යෙන් ඉන්දි­යා­වට කඩුලු 6ක ජයක් අත්විය. පසු­ගිය වසරේ පැවැති දෙවැනි තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව එක්ව­රක් හමුවූ අතර එම තර­ග­යෙන් ඉන්දි­යාව ලකුණු 35කින් ජය ගත්තේය. කෙසේ වෙතත් එම තර­ගා­ව­ලි­යේදී ඉන්දි­යා­වට අව­සන් පූර්ව වට­යට හෝ පිවි­සී­මට නොහැකි විය.

එබැ­වින් අද තර­ග­යේදී ශ්‍රී ලංකා ක්‍රීඩ­ක­යන්ට ඉන්දි­යාව හමුවේ පරා­ජ­යන්ට තිත තැබී­මට පෙර තර­ග­ව­ලට වඩා වැඩි යමක් කිරී­මට සිදු­වෙයි.

මුලික වටයේ තර­ග­යේදී අවිශ්ක ප්‍රනාන්දු (80) සහ අසේල ගුණ­රත්න (67) පිත්තෙන්ද, කමිඳු මෙන්ඩිස් පන්දු­වෙන්ද ශ්‍රී ලංකාව වෙනු­වෙන් දස්කම් දැක්වූ අතර මෙවර තර­ගා­ව­ලියේ වැඩිම ලකුණු ලාභියා වන හිම්මත් සිං ශ්‍රී ලංකා­වට එරෙ­හිව ශත­ක­යක් (126) රැස් කළේය.

තුන් ඉරි­යව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන තුරු­ම්පුව වන අතර හිම්මත් සිං ඉන්දීය පිලේ තරග දින­වන්නා වෙයි. තරග 4කදී ශත­ක­යක් සහ අර්ධ ශතක අර්ධ ශතක 2ක් සම­ගින් හිම්මත් සිං රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 270කි.

කමිඳු මෙවර තර­ගා­ව­ලියේ ලකුණු ලාභීන් අත­රින් හිම්මත්ට පම­ණක් දෙවැනි වන අතර පන්දු යව­න්නන් අතරේ තෙවැනි ස්ථානයේ පසු­වෙයි. තරග 4කදී අර්ධ ශතක 3ක් සම­ගින් ලකුණු 249ක් රැස්කර ඇති ඔහු කඩුලු 8ක් දවා ගැනී­මට සමත්ව සිටී.

පන්දු යව­න්නන් අතරේ ඉදි­රි­යෙන් පසු­වන ඉන්දීය පිලේ මායාන්ක් මාර්කන්ඩි තරග 3කදී කඩුලු 11ක් දවා­ගෙන ඇති අතර ඉන්දීය නායක ජයන්ට් යාදව් තරග 4කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 9කි.

නව අදහස දක්වන්න