ශ්‍රී ලංකා-නව­සී­ල­න්තය පළමු ටෙස්ට් ගැටුම වෙලි­න්ටන්හී අද ආරම්භ වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා-නව­සී­ල­න්තය පළමු ටෙස්ට් ගැටුම වෙලි­න්ටන්හී අද ආරම්භ වෙයි

සංචා­රක ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තර­ගය වෙලි­න්ටන්හී බේසින් රිසර්ව් ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකා වේලා­වෙන් අද අලු­යම 3.30ට ආරම්භ වෙයි. තරග දෙක­කින් සම­න්විත මේ තර­ගා­ව­ලි­යේදී නව­සී­ල­න්තය තරග දෙකම ජය ගත­හොත් ලොව ටෙස්ට් වර්ගී­ක­ර­ණයේ සිවු­වැනි ස්ථානයේ සිට දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගී­මට සම­ත්වනු ඇත. ශ්‍රී ලංකාව ශ්‍රේණි­ගත කිරීමේ හය­වැනි ස්ථානයේ පසු වුවද, ඕනෑම වේලා­වක නැගී සිටිය හැකි කණ්ඩා­ය­මක් ලෙස සැල­කෙන හෙයින් මේ පළමු ටෙස්ට් තර­ගය දෙස බොහෝ දෙන­කුගේ අව­ධා­නය යොමුව පවතී.

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ මෙතෙක් තිබූ සියලු දුරු­ව­ලතා මඟ හරවා ගෙන මේ තර­ග­යට මුහු­ණ­දී­මට අපේ­ක්ෂා­වෙන් පසු­වන අතර පසු­ගිය මාස­යේදී එංග­ල­න්ත­යට එරෙ­හිව තරග 3-0ක දැවැන්ත පරා­ජය සහ­මු­ලින්ම අම­තක කිරී­මට වග­බලා ගත යුතු වේ. නව­සී­ල­න්තය මෙයට සති­ය­කට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමාවූ පාකි­ස්තා­න­යට එරෙහි තර­ගා­ව­ලිය 2-1ක් ලෙස ජය­ගෙන ඉහළ මාන­සි­ක­ත්ව­ය­කින් පසු­වීම ඔවුන්ට ඇති අම­තර ශක්ති­යකි.

ශ්‍රී ලංකා පිලේ පුහු­ණු­කාර්ය මණ්ඩ­ලය වෙනස් කිරී­මෙන් යම් නැවුම් බවක් අපේක්ෂා කළ හැකි අතර පිති­කරු පුහු­ණු­කරු ලෙස එංග­ල­න්තයේ ජොන­තන් ලුවිස් හා පන්දු රැකීමේ පුහු­ණු­කරු ලෙස ඔස්ට්‍රේ­ලි­යාවේ ස්ටීව් රික්සන් යන මහ­ත්වරු කණ්ඩා­ය­මට එක්ව ඇත. පන්දු යැවීමේ පුහු­ණු­කරු ලෙස කට­යුතු කළ නුවන් සොයිසා මහ­තාට පසු­ගි­යදා ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් තහ­න­මක් පැනවූ හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔහුගේ සේවය අහි­මිවී තිබේ. දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනං­ජ­යට ජාත්‍ය­න්තර තරග තහ­න­මක් පැනවී ඇති හෙයින් ඔහු ද මේ සංචා­ර­යට සහ­භාගී නොවේ.

වසර 20014දී ක්‍රයි­ස්චර්ච් පිටි­යේදී නව­සී­ල­න්ත­යට එරෙ­හිව ලකුණු 152ක් රැස්කළ ආර­ම්භක පිති­කරු දිමුත් කරු­ණා­රත්න වෙලිං­ටන් ඩොමි­නි­යන් පෝස්ට් පුව­ත්ප­තට පවසා ඇත්තේ මේ ටෙස්ට් තර­ගා­ව­ලිය හා ඉදිරි ටෙස්ට් තර­ගා­වලි කළ­ම­නා­ක­ර­ණය කර ගැනී­මට කණ්ඩා­යම වෙහෙ­සවී කට­යුතු කරන බවයි. “අපගේ උත්ස­හාය කණ්ඩා­ය­මක් ලෙස ඉදි­රි­යට යෑමයි. අපගේ අර­මුණ මේ තර­ගා­ව­ලිය ජය ගැනී­මයි. ඒ සඳහා අප සැල­සු­මක් ඇතිව ක්‍රීඩා කළ යුතුයි. ඒ සඳහා ශක්තිය අපට තිබෙ­නවා” දිමුත් කරු­ණා­රත්න පැවැ­සීය.

ශ්‍රී ලංකාව හා නව­සී­ල­න්තය අතර පැවැති අව­සන් ටෙස්ට් තරග 5කදීම නව­සී­ල­න්තය ජය ලබා ඇත. එයින් එක් තර­ග­යක් කොළ­ඹදී පැවැති අතර අනෙක් තරග හත­රේ­දීම නව­සී­ල­න්තය ජය ලැබූවේ ඔවු­න්ගේම ක්‍රීඩාං­ග­ණ­ව­ල­දීය. ශ්‍රී ලංකාව ඇතුළු ආසි­යානු ටෙස්ට් රට­වල් පසු­ගිය වසර අටක් තුළ නව­සී­ල­න්ත­යේදී ටෙස්ට් තරග 11කට සහ­භා­ගීවී ඇති අතර එයින් තරග 9කම ජය නව­සී­ල­න්තය සතු­ක­ර­ගෙන ඇත. අනෙක් තරග දෙක ජය පරා­ජ­යෙන් තොරව නිමා වූයේ නව­සී­ලන්ත වේග පන්දු යව­න්නන්ගේ විශාල අභි­යෝග මැදය.

නව­සී­ලන්ත පිලේ වේග­පන්දු යව­න්නන් ත්‍රිත්වය වන ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් අද තර­ග­යේදී ක්‍රීඩා කිරී­මට නිය­මි­තව ඇත්තේ දිගු කාල­ය­කට පසු­වය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී පසු­ගි­යදා නිමාව දුටු පාකි­ස්තා­නය සමග ටෙස්ට් තර­ග­මා­ලා­වේදී නව­සී­ලන්ත පිල වැඩි අව­ධා­නය යොමු කර තිබුණේ දඟ­පන්දු යව­න්නන් කෙරෙහි වුවද කොළ පැහැති තණ­කොළ පිරුණු බේසින් රිසර්ව් තණ­තී­රු­වේදී මේ වේග­පන්දු යව­න්නන් තිදෙනා නැවත සුපු­රුදු දස්කම් දැක්වී­මට බලා­පො­රො­ත්තු­වෙන් පසුවේ.

නව­සී­ලන්ත පිති­කරු කේන් විලි­ය­ම්සන් සෑම අව­ස්ථා­ව­ක­දීම ශ්‍රී ලංකා­වට එරෙ­හිව පිත්තෙන් දස්කම් දැක්වූ කස­ක­රු­වෙකු බවට පත්ව ඇති අතර ශ්‍රී ලංකා­වට එරෙහි ඔහුගේ ලකුණු සාමාන්‍ය 91. 88ක්වීමෙන් එය මනාව ඔප්පු වේ. විලි­ය­ම්සන් ටෙස්ට් තරග 68කදී ශතක 19ක් රැස්කොට ඇති අතර මේ සංචා­ර­යේදී තවත් එක් සිය­යක් ලැබු­ව­හොත් ටෙස්ට් ශතක 20ක් වාර්තා කළ පළමු නව­සී­ලන්ත පිති­කරු බවට පත්වේ.

ශ්‍රී ලංකා පිලේ පළ­පු­රුදු වේග පන්දු යව­න්නා­වන සුරංග ලක්මාල් සමග කසුන් රජිත, ළහිරු කුමාර හා දුෂ්මන්ත චමීර යන තුන්ක­ට්ටු­වද වේග පන්දු­වට හිත­කර නව­සී­ලන්ත තණ­තිල්ලේ දක්වන දස්කම් ශ්‍රී ලංකා පිලට වැඩි වාසි­යක් ගෙන­දී­මට සම­ත්වනු ඇත.

නව­සී­ලන්ත සංචා­රයේ පළමු පුහුණු තර­ග­යේදී නොදැවී ලකුණු 128ක් රැස්කළ ඇන්ජලෝ මැතිව්ස් තම අතු­දැ­කීම් තුළින් නව­සී­ලන්ත පන්දු යව­න්නන් පාල­නය කර ගැනී­මට හැකි පිති­ක­රු­වෙකු බැවින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්ති­මත් වේ. ආර­ම්භක පිති­කරු ධනුෂ්ක ගුණ­ති­ලක එම තර­ග­යේදී අර්ධ ශත­ක­යක් වාර්තා කර­මින් තම ස්ථානය රැක ගත්තේය. නායක දිනේෂ් චන්දි­මාල්ට මේ තර­ග­යේදී පිති­ක­රු­වෙකු ලෙස විශාල වග­කී­මක් දැරී­මට සිදුව තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචි­තය - දිනේෂ් චන්දි­මාල් (නායක), දිමුත් කරු­ණා­රත්න (උප නායක), ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනං­ජය ද සිල්වා, රොෂේන් සිල්වා, නිරෝ­ෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණ­ති­ලක, ළහිරු තිරි­මාන්න, සදීර සම­ර­වි­ක්‍රම, ඩිල්රු­වන් පෙරේරා, ලක්ෂාන් සඳ­කැන්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර

නව­සී­ලන්ත ටෙස්ට් සංචි­තය - කේන් විලි­ය­ම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රේවල්, රොස් ටේලර්, හෙන්රි නිකොල්ස්, කොලින් ඩි ග්‍රෑන්ඩෝම්, බී.ජේ.වොල්ටින්, විල් යංග්, ටිම් සවුති, මැට් හෙන්රි, අජාස් පටේල්, ට්‍රෙන්ට් බෝල්ට්, නීල් වැග්නර්.

නව අදහස දක්වන්න