"මෝඩයා" ජනප්‍රිය වීම ගැන කරුණු දක්වයි | දිනමිණ

"මෝඩයා" ජනප්‍රිය වීම ගැන කරුණු දක්වයි

"මෝඩයා" යන වචනය ලොව පුරා මිලියනයකට අධික වාර ගණනක් ගූගල් ඔස්සේ සොයා තිබේ.

මෙයට හේතුව නම් "මෝඩයා" යන වචනය ඇතුළු කළ පසු එයට අදාළ ගූගල් ඡායාරූපවල වැඩි වශයෙන් පෙන්වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡායාරූපය වීමය.

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන සුන්දර් පිචායි, "මෝඩයා" යන වචනය සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධය ගැන කොංග්‍රස් සාමාජිකයන් ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.

දේශපාලනික වාසි තකා සෑදු ඇල්ගොරිදමයක ප්‍රතිඵලයක් ලෙස මෙය සිදු වන්නේ දැයි ඔහුගෙන් ඇසූ විට එය ප්‍රතික්ෂේප කර සිටියේය.

ගූගල් සෙවීම්වලට අනුව, "මෝඩයා" මේ වනවිට ඇමරිකාවේ වැඩිම වතාවක් සෙවූ වචනය බවට පත් වී තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයෙකු මෙවන් දෙයකට සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙය නොවේ.

2003 දී "අභාග්‍යසම්පන්න අසමත් වීම" ලෙස ගූගල් සෙවුම්වලට ඇතුළු කළ විට හිටපු ඇමරිකානු ජනාධිපතිවරයා වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ඡායාරූප මතු වී තිබිණි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න