අපේ කොන්දේසි දුන්නා: රනිල්ගේ එකඟතාව ලැබුණු බවට විශ්වාසයි | දිනමිණ

අපේ කොන්දේසි දුන්නා: රනිල්ගේ එකඟතාව ලැබුණු බවට විශ්වාසයි

සිද්ධාර්ථන්

එජාපයේ අගමැතිවරයකු පත්කිරීමට සහාය පළ කිරීම උදෙසා වන දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ බවත්, එම ඉල්ලීම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඊයේ (12) දිනයේදී ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (12) පැවැසීය.

එජාපයේ අගමැතිවරයකු පත්කිරීමට සහාය දීම සඳහා අපි ඉල්ලීම් කීපයක් ඉදිරිපත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරලා අපි ඊයේ දිනයේදීත් රනිල් මහතා සමඟ සාකච්ඡා කළා. එම ඉල්ලීම්වලට ලිඛිතව දෙන්න ඕනෑ. මම හිතන්නේ එය ලබාදෙන බවට එකඟවෙන්න ඇති. හෙතෙම පැවැසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් ප්‍රශ්න විසඳීම, පුරාවිද්‍යා හා වනජීවි දෙපාර්තමේන්තු මඟින් ගැසට් මඟින් ඉඩම් අත්පත් කරගැනීම වහාම නතර කිරීම හා එම ඉඩම් ආපසු ජනතාවට බාරදීම ඇතුළු කොන්දේසි අපි එජාපයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඉදිරියේ පිළිගත් පරිදි 30 (1) යෝජනාව ඉෂ්ට කරන බවට වන පොරොන්දුවද ඒ තුළ ඇතුළත් වෙනවා.

මෙම පොරොන්දු ඇතුළු අපේ පොරොන්දු ඉෂ්ට කරන බවට ලිඛිතව බාරදෙනු ඇතැයි මම හිතනවා යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

නව අදහස දක්වන්න