මාස් කන්නයේ දී පුරන් කුඹුරු අක්: 27000ක් අලුතින් අස්වද්දයි | දිනමිණ

මාස් කන්නයේ දී පුරන් කුඹුරු අක්: 27000ක් අලුතින් අස්වද්දයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රට පුරා ඇති පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේ දී වගා නොකළ ඉඩම් අක්කර 27000 කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගැණිනි.

හියපු ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි සිදු ආරම්භ කෙරෙන මෙම ජාතික වැඩසටහනට වගා නොකරන ලද සියලු කුඹුරු ඉඩම් යළි වගා කිරීමට පියවර ගන්නා ලෙස දන්වා රට පුරා සිටින සියලු සහකාර ගොවිජන කොමසාරිස්වරුන්ට චක්‍ර ලේඛනයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අයිතිකරුවන් සිටින එහෙත් මෙතෙක් වගා නොකරන ලද සියලු කුඹුරු ඉඩම් වගා කිරීමට කැමැති නමුත් වගා කිරීමට ඉඩම් නොමැති පුද්ගලයින් ට ලබාදී වගා කිරීමේ කටයුතු අරඹනු ලැබීය. වගා කරන පුද්ගලයාට එම ඉඩමේ අයිතිය නොපැවරෙන අතර වගා කිරීම සඳහා විධිමත් පරිදි නිවේදන නිකුත් කර අයිතිකරු ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඉඩමේ අයිතිකරු වගා කිරීමට පියවර නොගන්නේ නම් වෙනත් පුද්ගලයින් යොදවා වගා කිරීමට නීති ප්‍රතිපාදන ගොවිජන සංවර්ධන පනත යටතේ ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට බලතල ඇත.

මානෙල් පුෂ්ප කුමාරි

නව අදහස දක්වන්න