තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංගයක් | දිනමිණ

තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේගේ නායකත්වය අභියෝගයට ලක්කරමින් විශ්වාසභංගයක් ඉදිරිපත්වී තිබේ.
 
ඇය නියෝජනය කරනු ලබන කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ම මෙය ගෙන එනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
 
2016 වසරේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසුව තෙරේසා මේ හට බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත් කරනු ලැබීය.
 
බ්රේකසිට් නම් නව ආර්ථික ගිවිසුමක් සම්බන්ධයෙන් කටයුතු කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැතිවරිය දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටි. ඇයට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීම අද (12) සිදු කිරීමට නියමිතය.
 
කෙසේ නමුත් තමාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැතිවරිය තෙරේසා මේ පවසා සිටින්නේ තමා සතු සියළු කරුණු සමගින් මෙම විශ්වාසභංගයට මුහුණ දෙන බවයි.

නව අදහස දක්වන්න