ලොව වේගවත්ම ආර්ථික නගර ලැයිස්තුවේ පළමු නගර දහයම ඉන්දියාවෙන් | දිනමිණ

ලොව වේගවත්ම ආර්ථික නගර ලැයිස්තුවේ පළමු නගර දහයම ඉන්දියාවෙන්

ලොව වේගවත්ම ආර්ථිකයක් සහිත නගර ලැයිස්තුවේ පළමු නගර 10ම ඉන්දියාවට හිමිව තිබේ. 2035 වසර වනවිට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවතින නගර සඳහන් කරමින් ඔක්ස්වර්ඩ් ගෝලීය නගර සමීක්ෂණ අංශය නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ නගර අනාවරණය කර ඇත. එහි පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ දියමන්ති සැකසුම් හා වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එය සැලකෙන ඉන්දියාවේ බටහිර ගුජරාට් ප‍්‍රාන්තයේ සුරාත් නගරයයි. මීට අමතරව අග‍්‍රා, බෙංගාලු, හයිද්‍රාබාද්, නාත්පූර්, ත‍්‍රිපූර් සහ රාජ්කොට් සමඟ තිරුචිරප්පලි, චෙන්නායි සහ විජයවාදා නගර ද ඒ අතර වේ.

නව අදහස දක්වන්න