ප්‍රංශයේ විරෝධතාවලට ජනපතිගෙන් ප්‍රතිචාර | දිනමිණ

ප්‍රංශයේ විරෝධතාවලට ජනපතිගෙන් ප්‍රතිචාර

වැටුප් වැඩි කිරීමටත් පොරොන්දු වෙයි

දින ගණනක් පුරා ප්‍රංශයේ පැවති ප්‍රචණ්චකාරී විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් අවම වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමටත් බදු සහන ලබාදීමටත් පොරොන්දු වෙයි. 7%ක වැටුම් වර්ධකය රජයෙන් ගෙවීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි සේ ප්‍රතික්ෂේප කළ අතර විරෝධතාකරුවන්ගේ කෝපය සීමාව ඉක්මවූ බව පැවසීය. ජනාධිපතිවරයා පැවසුවේ අවම වැටුප පවුම් 100කින් ඉහළ නංවන බවයි. එසේම අඩු ආදායම්ලාභී විශ්‍රාමිකයන් සඳහා සැලසුම් කළ බදු වැඩි කිරීම අවලංගු කරන බව ද ඔහු පැවසීය. අතිකාල දීමනා සඳහා බදු අය නොකරන බවත්, වසර අවසානයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා දෙන සේව්‍යයින් බදුවලින් නිදහස් කරන බව ද අගමැතිවරයා සඳහන් කළේය. කෙසේ වුවත් මෙයින් තම රට දුර්වල වන බවත් නව රැකියා උත්පාදනය කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

නව අදහස දක්වන්න