අගමැති එරෙහි පෙත්සම ජනවාරියට කල් යයි - UPDATE | දිනමිණ

අගමැති එරෙහි පෙත්සම ජනවාරියට කල් යයි - UPDATE

අග්‍රාමාත්‍ය ධූරය සහ අමාත්‍ය ධූර අභියෝගයට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා  ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නැවත සලකා බැලීම ලබන මස 16,17 සහ 18 දක්වා කල් තැබේ.
 
අද (12) දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
 
 
 
 
 
 
 
අගමැති ධුරයට එරෙහි පෙත්සම විභාගය ඇරඹෙයි
 
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දැරීමට නීතියානුකූල හිමිකමක් නොමැති බැවින් අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ අමාත්‍ය මණඩලයේ පත්වීම් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී ඇත.
 
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.   
 
අනතුරුව දෙසැම්බර් 03වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කෙරුණි. 
 
නිකුත් කර තිබෙන තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බලපාන බව ද නියෝගයේ සඳහන් වේ.

නව අදහස දක්වන්න