ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි සමග අයෙක් මාට්ටු | දිනමිණ

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි සමග අයෙක් මාට්ටු

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් සමඟ සැකකරුවෙක් පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
 
පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී අදාළ සැකකරු ඊයේ(11) සවස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථක දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 46ක් වූ කොළමුන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.
 
සැකකරුව අද(12) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
 

නව අදහස දක්වන්න