අතුරු තහනමට එරෙහි පෙත්සම අනිද්දාට කල් යයි | දිනමිණ

අතුරු තහනමට එරෙහි පෙත්සම අනිද්දාට කල් යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවයෙන් ගොනුකළ පෙත්සම අනිද්දා කැඳවීමට අද නියෝග කලේය.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන වසරේ ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල විභාග කිරීමට ද අභියාචනාධිකරණය අද දින නියම කලේය.


නව අදහස දක්වන්න