ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරය පුහුණු තරගය ජය පැරදුමක් නෑ | දිනමිණ

ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරය පුහුණු තරගය ජය පැරදුමක් නෑ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර නේපියර්හිදී පැවැති තුන්දින පුහුණු තරගය ඊයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය. දෙවැනි දිනය වූ පෙරේදා තරගය නිමාවට පත්වනවිට කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ඊයේ කඩුලු 5ක් දැවී ලකුණු 321ක් ලබා ඉනිම අත්හිටුවූයේ ලකුණු 262ක ඉලක්කයක් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායමට ලබාදෙමිනි. තරගය නිමාවනවිට නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 139ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 210ක් රැස්කළ අතර නවසීලන්ත ක්‍රිකට් ආයතනය පිල කඩුලු 8ක් දැවී ලකුණු 270ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම - 210/9 (ඕවර 59) ඉනිම අත්හිටුවන ලදි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 128 (බ්ලේක් කෝබන් 44/3, පීටර් යංග්ස්බෑන්ඩ් 25/2, මයිකල් ස්නේඩ්න් 29/2) සහ දෙවැනි ඉනිම - 321/5 ඉනිම අත්හිටුවන ලදි. (ඕවර 80) ධනුෂ්ක ගුණතිලක 83, කුසල් මෙන්ඩිස් 72, ළහිරු තිරිමාන්න 45, නිරෝෂන් දික්වැල්ල නොදැවී 43 (පීටර් යංග්ස්බෑන්ඩ් 48/2, බ්ලේක් කෝබන් 77/2)

නවසීලන්ත ක්‍රිකට් ආයතන පළමු ඉනිම - 270/8 (ඕවර 82) ඉනිම අත්හිටුවන ලදි. සන්දීප් පටෙල් 69, කැටේන් ක්ලාක් 46 (ඩිල්රුවන් පෙරේරා 30/2, ලක්ෂාන් සඳකැන් 67/2) සහ දෙවැනි ඉනිම - 139/2 (ඕවර 28.3) විලියම් ඩොනල්ඩ් නොදැවී 52, ඩේල් පිලිප්ස් නොදැවී 39යි.

නව අදහස දක්වන්න