සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් සමාගමට අපනයන විශිෂ්ටතා ජනාධිපති සම්මානය | දිනමිණ

සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් සමාගමට අපනයන විශිෂ්ටතා ජනාධිපති සම්මානය

ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් පෞද්ගලික සමාගම අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ අපනයන විශිෂ්ටතා - 2018 ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයේදී කුළු බඩු අපනයන අංශයේ ඉහළම විදේශ විනිමය ඉපැයූ සමාගමට හිමි අපනයන විශිෂ්ටතා ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

 සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජනක අබේරත්න මහතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතින් කුසලානය සහ සම්මාන සහතික පත්‍රය ලබා ගත්තේය. “පාරිභෝගිකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ කැපවීමෙන් වැඩ කරන අපගේ සේවක සේවිකාවන් මේ ජයග්‍රහණයට හේතු වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන එන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමෙන් ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් සැපැයීම සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් ඒකායන අරමුණයි.” කළමනාකාර අධ්‍යක්ෂ ජනක අබේරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ කුරුඳු අපනයනයෙන් 30%ක වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියන සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් සමාගම ගම්මිරිස්, ගොරකා, කරුංකා ආදියද අපනයනය කරයි. අපනයන කටයුතු අරඹා පළමු වසරේදීම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් සමාගම මේ වන විට ඇමෙරිකාව, මෙක්සිකෝව, පේරූ, නිකරගුවා, ස්පාඤ්ඤය ඇතුලු රටවල් 23කට සිය නිෂ්පාදන අපනයන කරයි.

සමගි ස්පයිස් එක්ස්පෝර්ට්ස් සමාගම 2014 සිට මේ දක්වා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සියලු NCE සම්මාන උළෙලවලදී ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම අපනයන සමාගමට හිමි සම්මානය අඛණ්ඩව දිනා ගත්තේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී හිල්ටන් හෝටලයේදී පැවති NCE සම්මාන උළෙලේදීද ඔවුන්ට එම සම්මානය හිමි විය. ත්‍ක්‍ක්‍ෂීඛ වසරේ ව්‍යවසායකයා 2015 සම්මාන ප්‍රදානෝත්සවයේදී ළාබාලම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය දිනා ගැනීමටද ජනක අබේරත්න මහතා සමත් විය. එසේම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලවලදීද අපනයන විශිෂ්ටතා සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා ඇත.

නව අදහස දක්වන්න