Monday, දෙසැම්බර් 10, 2018 - 12:20
මිල කල නොහැකි වටිනා කමකින් යුතු ගජමුතු තොගයක් මහනුවර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය සිදු කළ වැටලීමකදී ගජමුතු තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකනරුවන් 04 දෙනෙකුද සමගය. මහනුවර වැව රවුම හා බලගොල්ල ප්රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී ගජමුතු 11ක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 28, 35 හා 40 වයසවල පසුවන බදුල්ල, මොණරාගල, අම්පාර හා වැල්ලවාය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් මහනුවර මහේස්ත්රාත් අධිකරණයට අද(10)ඉදිරිපත් කිරීමට නියමිතය.
අදහස් 1ක් ඇත
gajamuthu ganana
නව අදහස දක්වන්න