වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලියයි | දිනමිණ

වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලියයි

ලොව වායු දූෂණය ඉහළම නගරය ඉන්දියාවේ නවදිල්ලි පුරවරය බව එරට මාධ්‍ය යළි අනාවරණ කරයි.

ජාතික හරිත විනිශ්චය සභාව මගින් පෙන්වා දෙන්නේ වායු දූෂණය ඇති කරන්නන්ට එරෙහිව විශාල දඩුවම් සහ දඩ මුදල් නියම කළ ද එම තත්ත්වය වෙනස් වී නොමැති බවයි.

විශේෂයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය දවාලන ආයතනවලට එරෙහිව ඉන්දීය රුපියල් කෝටි 25 දක්වා දඩ නියම කිරීමට දිල්ලි රජය පියවර ගත්තේය.

එහෙත්, හරිත විනිශ්චය සභාවට කිලෝමීටර් කිහිපයක් නුදුරින් තවමත් ප්ලාස්ටික් සහ පොලිතීන් ගිනි තැබීම් දක්නට ලැබෙන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේය.

ඉන්දීය මධ්‍යම වායු දූෂණ පාලන මණ්ඩලය ප්‍රකාශ කළ පරිදි අද දිනයේ නවදිල්ලියේ වායු තත්ත්ව දර්ශකය සටහන් වන්නේ 355 ක් ලෙසයි.

සුළං වේගය අඩු වීම ඇතුළු කාලගුණ තත්ත්වයන් ද ඊට බලපා ඇති බව සදහන්.

ඒ අනුව අද, ලෝකයේ වායු දූෂණය ඉහළම නගරය නවදිල්ලියයි.

ලෝක ජනගහනයෙන් සියයට 18 ක් නියෝජනය කරන ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් සිදුවන අකල් මරණ වලින් සියයට 26 ක් වාර්තා වන බව මේ පිළිබද සටහනක් ඉදිරිපත් කළ හින්දු පුවත්පත කියා සිටියා.

ඒ අනුව, පසුගිය 2017 වසරේ ඉන්දියාවේ සිදුවූ සෑම මරණ 08 කින් එකකටම හේතු වී ඇත්තේ වායු දූෂණයයි.

නව අදහස දක්වන්න