කැරැලිකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යේමන රාජ්‍ය නියෝජිතයන් ස්වීඩනයට | දිනමිණ

කැරැලිකරුවන් සමඟ සාකච්ඡා කිරීමට යේමන රාජ්‍ය නියෝජිතයන් ස්වීඩනයට

හූති කැරැලිකරුවන් සමඟ සාකච්ඡා ඇරැඹීම සඳහා යේමන රාජ්‍ය නියෝජිතයන් ස්වීඩනයට පැමිණ තිබේ. මෙය යේමනයේ පවතින යුද්ධය හේතුවෙන් මුහුණ දී තිබෙන සමාජ, ආර්ථික ගැටළු සඳහා විසඳුම් සෙවීමට වෙනුවෙන් එක්සත් ජාතීන් ගේ සංවිධානය ගත් උත්සාහයන් ගේ ප්‍රතිඵලයකි.

ජනාධිපති අබ්ද්-රාබු මන්සූර් හාදීගේ ආණ්ඩුව ස්ථාපිත කිරීම සඳහා සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බටහිර සහාය ලබන සන්ධාන ප්‍රමුඛ යේමන හමුදා ඉරාන සහාය ලබන හුති කැරලිකරුවන්ට එරෙහිව සටන් වදියි.

සිවු වසරක් ගත වී ඇති මේ තත්ත්වය සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර පවතින ගැටුමක් බවට මේ වන විට පත් වී ඇත.

නව අදහස දක්වන්න