බුෂ්ගේ අවසන් දේව මෙහෙයට වත්මන් ජනපති සමඟ හිටපු ජනාධිපතිවරු එක්වෙති | දිනමිණ

බුෂ්ගේ අවසන් දේව මෙහෙයට වත්මන් ජනපති සමඟ හිටපු ජනාධිපතිවරු එක්වෙති

අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් වෙනුවෙන් ජාතික දේවස්ථානයේ පැවැති අවසන් දේව මෙහෙය සඳහා එරට වත්මන් ජනාධිපති සමඟ හිටපු ජනාධිපතිවරුන් ද එක්විය. 1994 දී රිච්ඩ් නික්සන් ගේ අවමංගල්‍යයට එක් වූ ක්ලින්ටන්, රේගන්, කාර්ටර් සහ ෆෝඩ්ස් ජනාධිපති යුවළ සිහිපත් කරමින් මේ අවස්ථාවට ට්‍රම්ප්, ඔබාමා, ක්ලින්ටන් හා කාර්ටර් යුවළ අසුන් ගෙන තිබුණි.

ඊට අමතරව මෙය හිටපු හා වත්මන් ප්‍රධාන අණ දෙන නිලධාරීන් රැසක් ද එක්ට එක් වූ අවස්ථාවක් විය.

අභාවප්‍රාප්ත බුෂ් ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පෙරේදා (බදාදා) වොෂින්ටනයේ දී පැවැත්විණි.

නව අදහස දක්වන්න