කාගීල්ස් වෙතින් කොත්මලේ බටර් සහ චෙඩා චීස් | දිනමිණ

කාගීල්ස් වෙතින් කොත්මලේ බටර් සහ චෙඩා චීස්

කිරි උතුරන හෙට දවසක් වෙනුවෙන් කිරි නිෂ්පාදනයෙන් ස්වයංපොෂිත කිරීම සඳහා වන වැඩ පිළිවෙළක් ද රජය මඟින් දැන් ක්‍රියාත්මක කර ගෙන යයි.මේ යටතේ දේශීය කිරි ගොවියා ශක්තිමත් කර පිටරටින් ආනයනය කරනු ලබන කිරිපිටි ප්‍රමාණය අඩු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර ඒ සදහා වන පියවරක් ලෙස දේශීය කිරි ගොවියාගේ කිරි අස්වැන්න සදහා ඉහළ මිලක් ලබා දීමටද කටයුතු කරනු ඇත. මෙරට කිරි නිෂ්පාදනයේ නිරත වන කිරි ගොවීන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබා දීමේ අරමුණ හා පාසැල් දරුදැරියන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණ ඇතිව පාසැල් දරුදැරියන් සඳහා කිරි වීදුරුවක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වේ.දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවිම සදහා කැපවෙන ආයතනයක් ලෙස කාගීල්ස් ආයතනය විශේෂ කාර්යභාරයක් සිදු කරයි.

කාගිල්ස් සමූහය, නවීනතම තාක්ෂණයෙන් වැඩිදියුණු කළ කිරි කර්මාන්ත ශාලාව, ශ්‍රී ලංකාවේ තාක්ෂණයෙන් දියුණුතම කිරි නිෂ්පාදනාගාරය ලෙසින් දේශයේ කිරි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්ද මහත්සේ කැපවෙයි. වර්තමානයේ මෙරට විශාලතම බහු පෙළ කිරි නිෂ්පාදකයා බවට පත්ව ඇත්තේද කාගීල්ස් සමුහයයි. කොත්මලේ සහ මැජික් සන්නාම පෙරටුකොට ගත් කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙහෙයුම් කටයුතු කිරි ගොවි ප්‍රජාව සවිබලගැන්වීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වෙයි. එවැනි ආයෝජන හරහා ශ්‍රී ලංකාව කිරෙන් ස්වයංපෝෂිත රටක් බවට පත්කිරීමට මෙන්ම මෙරට ජනතාවගේ සෞඛ්‍ය සහ පෝෂණය වැඩිදියුණු කිරීමට ද දායකත්වය ලබාදීමට හැකිවීම විශාල ගෞරවයකි.

බහු-නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතම තාක්ෂණය, ශක්තිමත් පාරිසරික කළමනාකරණ ක්‍රියාවලි, ප්‍රමිති සහ ආහාර සුරක්ෂිතතාව සඳහා වන ISO සහතිකය ආදියෙන් සමන්විත වේ. ව්‍යාපාරික ක්‍රියාවලිය තුළ ප්‍රමිතිය සහ නවෝත්පාදනය පෙරමුණෙහි තබා ගනිමින් විශිෂ්ට ක්‍රමවේද සාර්ථකත්වය බවට පත්කර ගැනීමට හැකිවී ඇත. කිරි ආශ්‍රිත අයිස්ක්‍රීම් ක්ෂේත්‍රයේ වෙළඳපළ ප්‍රමුඛයා බවට පත්වීම කාගීල්ස් ජයග්‍රහණ අතර කැපී පෙනෙයි.

ප්‍රමිතිය සහ නවෝත්පාදනය ඉහළම මට්ටමක පවත්වා ගැනීමට නිබඳ කැපවන අතරම කාගිල්ස් සමාගම මධ්‍යම, වයඹ, උතුරුමැද, බස්නාහිර සහ උතුරු පළාත්වල කිරි ගොවීන් දහස් ගණනකගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ද කැපවී කටයුතු කරයි. කිරි ගොවීන්හට ස්ථිර ආදායමක් හිමිකරදීම සහ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට අතහිත දීම ඉලක්කකර ගනිමින් දියත් කෙරෙන ‘සරුබිම’ වැඩසටහන කාගිල්ස් සමාගම දියත් කරන එවැනි එක් වැඩසටහනකි. සැබවින්ම කාගිල්ස් සමාගම දේශීය කිරි ගොවියා වෙනුවෙන් දරන කැපවීම සිය මෙහෙයුම් පද්ධතිය ද ඉක්මවා යමින් ඉටු කිරීමට ද කටයුතු කර ඇත. කාගිල්ස් ජාලයට අයත් නොවන දකුණු පළාතේ රිදියගම ප්‍රදේශයේ කිරි ගොවීන් සිය කිරි අලෙවිකර ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටි මොහොතේ අතිරික්තයෙන් විශාල ප්‍රමාණ මිලදී ගනිමින් කිරි කර්මාන්තයට අත්වීමට තිබූ අහිතකර බලපෑමෙන් රට මුදා ගැනීමටද කාගීල්ස් ආයතනයට හැකිවිය.

මෙම ජාතික වගකීම ඉටුකරමින් කොත්මලේ සහ මැජික් සන්නාම, මෙරට වඩාත් විශ්වාසනීයම කිරි සන්නාම බවට පත්වීම සඳහා කැපවී සිටී. වසර ගණනක් පුරා කොත්මලේ සන්නාමය යටතේ එන නැවුම් සහ රසය එක් කළ කිරි, සෙට් සහ ස්ටියර්ඩ් යෝගර්ට්, යෝගර්ට් පානය, චීස් සහ ෆ්‍රෙෂ් ක්‍රීම් ඇතුළු පුළුල් පරාසයට විහිදුනු නිෂ්පාදන පෙළ සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ නොමද ආකර්ෂණය හිමිවිය. මෙම සෑම නිෂ්පාදනයක්ම යහගුණයෙන්, නැවුම්බවින් සහ දැරිය හැකි මිල සමගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට කොත්මලේ සන්නාමය නිබඳ කටයුතු කරයි. තවද, සියලු නිෂ්පාදන දේශීය අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරමින් කොත්මලේ ශ්‍රී ලාංකේය කිරි ගොවීන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ විදේශ විනිමය ඉතිරි කිරීම හරහා ශ්‍රීලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමට ද ස‍හයෝගය ලබාදෙයි.

මෙම සියලු කැපවීම් මධ්‍යයේ කොත්මලේ බටර් සහ කොත්මලේ චෙඩා චීස් යන නවතම නිෂ්පාදන හඳුන්වා දීමට කටයුතු කර තිබේ.මෙම නවතම නිෂ්පාදන හරහා ද සන්නාමය සමඟ බැඳී ඇති ප්‍රමිතිය, නැවුම් බව සහ කාගීල්ස්හි ඇති අනෙකුත් නිෂ්පාදන අතර කැපී පෙනෙයි.

• ප්‍රමිතිය : ලෝක මට්ටමේ පහසුකම්වලින් යුතුව දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරේ.

• නැවුම්බව සහ යහගුණය : 100%ක් ශ්‍රී ලාංකේය නැවුම් කිරිවලින් නිෂ්පාදනය කෙරේ

• පහසු මිල : තරගකාරී සහ දැරිය හැකි මිල නිසා ඕනෑම අයෙකුට මිලදී ගත හැකිය.

කිරි ගොවීන්ගේ ජීවිත නගාසිටුවීම සහ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය සහ පෝෂණය නගාසිටුවීම සඳහා මෙන්ම ශ්‍රී ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද කාගීල්ස් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න