ජනපති කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක | දිනමිණ

ජනපති කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා අද (07) පෙරවරුවේ කිලිනොච්චිය, ශාන්තිකුලම් ප්‍රදේශයේ  නිරික්ෂණ චාරිකාවක නිරත විය. 
 
ජනාධිපතිතුමාගේ පැමිණීම සැලවීමෙන් ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටී අතර ඔවුන් මහත් ගෞරවයෙන් යුතුව ජනාධිපතිතුමාව පිළිගනු ලැබීය.
 
එම ජනතාවගේ තොරතුරු විමසූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථා බහක නිරතවීමට ද අමතක නොකළ අතර, තම දීර්ඝකාලීන සංවර්ධන ගැටලූ විසඳා දෙමින් තම දරුවන්ගේ අනාගතය පිළිබ`ද සුබ සිහින දැකිය හැකි සංවර්ධනයක් උදාකර දීම පිළිබද ඕව්හු අනේකවාරයක් ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළහ.
එමෙන්ම ප්‍රදේශයේ තවත් සංවර්ධන ගැටලූ කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ශාන්තිකුලම් විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබදව එහි විදුහල්පතිවරයා ජනාධිපතිතුමා දැනුවත් කළේය.
 
එම ගැටලූ පිළිබද කඩිනම්න් සොයා බලා විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස  ජනාධිපතිතුමා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

නව අදහස දක්වන්න