බිලියන ගණනක හෙරොයින් ප්‍රවාහනය කළ ට්‍රෝලර් හිමිකරු අත්අඩංගුවට | දිනමිණ

බිලියන ගණනක හෙරොයින් ප්‍රවාහනය කළ ට්‍රෝලර් හිමිකරු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සොයාගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක තොගය ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යටියන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
යටියන්තොට පොලීසියට ලද තොරතුරක් මත අද(07) උදෑසන යටියන්තොට පහල ගරාගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
පසුගිය 05 වනදා බේරුවල සහ බලපිටිය අතර මුහුදු තීරයේදී මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
එහිදී හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාව ද පොලිස් බාරයට ගෙන තිබූ අතර එහි හිමිකරු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
 
ඒ අනුව බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන යාත්‍රා හිමිකරු යටියන්තොට ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරක් මත යටියන්තොට පොලීසියේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක්ද සොයාගෙන ඇති අතර ඔහු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.
 

නව අදහස දක්වන්න